විශේෂ මෙහෙයුමකින් 2646ක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

විශේෂ මෙහෙයුමකින් 2646ක් අත්අඩංගුවට

පොලීසිය ක්‍රියාත්මක කළ විශේෂ අපරාධ මෙහෙයුමකදී සැකකරුවන් 2646 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රී 09.00 සිට අද උදෑසන 06.00 දක්වා මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ය.

හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 1790ක්,

වරෙන්තුකරුවන් 62ක්,

විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 101ක්,

ඊට අමතරව වෙනත් දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයින් 125 දෙනෙකු සහ බලපත්‍ර නොමැති තුවක්කු ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages