මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් 2ක් මරුට-අයෙකුට තුවාලයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-14

මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් 2ක් මරුට-අයෙකුට තුවාලයි

මොරටුමුල්ල ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෛනකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

නාඳුුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබේ. වෙඩි තැබීමෙන් මිය ගිය දෙදෙනාට අමතරව තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ ආමි මංජු නැමැත්තා සහ තවත් පුද්ගලයකු බව හඳුනාගෙන ඇති අතර ඔවුන් මොරටුව අධිකරණයේ නඩු කටයුත්තක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

ආමි මංජු නැමැත්තා සිය බිරිඳ, පුතා සහ මිතුරකු සමඟ ත්‍රිරෝද රියෙන් පැමිණෙමින් සිටියදී කොස් පැලෑන පාලම අසළදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මොවුන්ට වෙඩි තබා පලා ගොස් තිබේ.

මිය ගිය ආමි මංජු නැමැත්තා කොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය සඳහන් කරයි. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages