නවසීලන්තයේ වෙඩි තැබීමක් - 30ක් ජීවිතක්ෂයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

නවසීලන්තයේ වෙඩි තැබීමක් - 30ක් ජීවිතක්ෂයට

නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් නගරයේ සියලු දේවස්ථාන නැවත දැනුම්දෙන තුරු වසාදමන ලෙස බලධාරින් දැනුම් දී ඇත. ඒ දේවස්ථාන දෙකකට පෙරවරුවේ එල්ලවූ වෙඩි ප‍්‍රහාර හේතුවෙනි.
 
ප‍්‍රහාරයෙන් 30දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව පුද්ගලයන් තිදෙනෙක් සහ එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව එරටින් ලැබෙන තොරතුරුවල සඳහන් වේ.
 
නගරයේ වෙනත් දේවස්ථානයක යාඥාවේ නිරතව සිටි බංගලිදේශ කි‍්‍රකට් කණ්ඩායම ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවත් වාර්තා වේ. ක‍්‍රයිස්චර්ච් නගරයේ සියලු පාසල් ද වසාදැමීමට පියවර ගෙන ඇත. ජනතාවට නිවෙස් වලට සිටින ලෙසට දැනුම්දී තිබේ.
 
ප‍්‍රහාරය පිළිබද නිශ්චිතව කිව නොහැකි වුවද මෙය නවසීලන්ත ඉතිහාසයේ අදුරු දිනයක් වනු ඇති බවයි අග‍්‍රාමාත්‍ය ජසින්දා ආර්ඩන් ප‍්‍රකාශ කර ඇත. ඇය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව අවධාරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages