අයවැය දෙවැනි වර කියවිම වැඩි ඡන්දයෙන් සම්මතයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-12

අයවැය දෙවැනි වර කියවිම වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණි.

අයවැයට පක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 76ක් පමණ යි.

ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 05 වනදා මෙම වසර සදහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසිම පැවැත්විණ. එක්සත් ජනතා නිදහස් සන්ධාන හා ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළේය. කෙසේ වෙතත් සන්ධාන මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා, ඒ.එච්.එම් ෆවුසි, පියසේන ගමගේ යන මන්ත්‍රිවරු අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළේය.

එක්සත් ජාතික පෙරමුණ සමග ද්‍රවිඩ ජාතික සන්ධානය පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය හෙට සිට අප්‍රේල් මස 05 වන දින දක්වා පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකරයි.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages