පොලිසියට පහරදී හිරේ ගිය පොහොට්ටු ප්‍රාදේශීය සභාපති සභාවෙන් ඉවතට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-17

පොලිසියට පහරදී හිරේ ගිය පොහොට්ටු ප්‍රාදේශීය සභාපති සභාවෙන් ඉවතට

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් නියම වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල් මහතා එම තනතුරින් සහ මන්ත්‍රීධුරයෙන් ඉවත් කර තිබේ.

තනතුරින් ඉවත් කිරීමේ ලිපිය ද ඔහු වෙත ලැබී ඇති බව සඳහන්.

සභාපතිවරයාට එරෙහිව පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් පසුගිය පෙබරවාරි 19 වනදා පැවති ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා රැස්වීමේදී පළවී තිබුණු අතර අවසානයේ සභාවට පොලිසිය ගෙන්වීමට ද ඔහු ක්‍රියාකර තිබිණි.

2013 මැයි 26 වනදා ඇඹිලිපිටිය, දඬුහැතැක්ම ප්‍රදේශයේදී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකිරීම, සාපරාධී බලහත්කාරය පෑම සහ අඩන්තේට්ටම් කිරීම යන චෝදනාවලට වැරදිකරු වූ සභාපතිවරයාට මාස තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ වසර පහකට අත්හිටවූ මාස 9ක සිරදඬුවමක් නියම වූයේ 2018 ජුලි 17 වනදාය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages