චම්පික, කරූ කැපෙයි.. එජාප ජනපති අපේක්ෂකයා රනිල්.. අගමැති අපේක්ෂකයා සජිත්.. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-17

චම්පික, කරූ කැපෙයි.. එජාප ජනපති අපේක්ෂකයා රනිල්.. අගමැති අපේක්ෂකයා සජිත්..

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා අන් කිසිවෙකු නොව රනිල් වික්‍රමසිංහ මහතාම බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග තහවුරු කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ නම් දෙමල සහ මුස්ලිම් ඡන්ද දිනා ගනිමින් අග්‍රාමාත්‍යවරයාට පහසුවෙන් ජනාධිපතිවරණය ජයගත හැකි බව එජාප ජේෂ්ඨයන්ගේ මතය වී ඇත.

ග්‍රාමීය ඡන්ද ආකර්ෂණය කර ගනිමින් පාක්ෂිකයා ඡන්ද පොල වෙත ඇද ගැනීමට සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස නම් කිරීමටද එක්සත් ජාතික පක්ෂය සැලසුම් කරනු ලබන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ තත්වය හමුවේ කරූ ජයසූරිය මෙන්ම චම්පික රණවකගේද ජනාධිපති සිහින බොඳව යනු ඇති බව එක්සත් ජාතික පක්ෂ එම අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

ජනාධිපතිධූරය පිළිබඳ මහත් බලාපොරොත්තු තබා ඇති චම්පික රණවක අමාත්‍යවරයාගේ මීලඟ පිම්ම කුමක් වේද යන්න එක්සත් ජාතික පක්ෂය තුල මේ වන විට කතා බහට ලක්වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages