මගේ ආදරණීය අගමැතිතුමා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

මගේ ආදරණීය අගමැතිතුමා

රෝම සිනමා උලෙළේ තිරගත කෙරුණු ප්‍රථම සහ එකම ආසියානු සිනමා පටය වන මේරේ ප්යාරේ ප්‍රයිම් මිනිස්ටර් මූම්බායිහි දිවි ගෙවන මුඩුක්කුවාසී දරුවන් සිව් දෙනකු වටා ගෙතුණු කතා පුවතකි.

අට හැවිරිදි කනෙයියා (කන්හු) මූම්බායි මුඩුක්කුවාසී දරුවකි.

තම මව සර්ගම් වැසිකිළි යන අතරේදී අතවරයකට මුහුණ දුන් පසු ඔහු අගමැතිවරයාට ලිපියක් ලියන්නේ මවට වැසිකිළියක් සාදා දෙන ලෙස ඉල්ලා සිටිමිනි.

ලිපිය රැගෙන ඔහු මිතුරන් සමඟ අගමැතිවරයා හමුවීමට අගනුවරට යයි.

අස්වාමික මවක සහ පුතකු වටා ඇති බැඳීම සිනමා පටයෙන් හුවා දක්වයි.

මෙහි මවගේ චරිතය නිරූපණය කරන්නේ ඉන්දියානු ජාතික සම්මාන ලාභී තාරකාවක වන අංජලී පටිල්ය.

විවෘත පරිසරයේ මල පහ කිරීමේ අතීතයේ සිට පැවත එන සංස්කෘතියට සිනමා නිර්මාණ මඟින් වැට බැඳීමට ඉන්දියානු සිනමා වේදීන් මින් පෙරද උත්සාහ ගෙන තිබේ.

ටොයිලට් - ඒක් ප්‍රෙම් කතා (2017), හල්කා (2018) ඊට හොඳම උදාහරණය.

දරුවකු නොබියව තම ගැටලුව විසඳා ගැනීම සඳහා රටේ නායකයා හමුවන්නට යාම සිනමා පටයකින් දැක ගන්න ලැබුණේ මීට හැට වසරකට පෙරය.

ඒ අග්‍රගණ්‍ය සිනමාවේදී රාජ් කපූර්ගේ නිෂ්පාදනයක් වන අබ් දිල්ලි දූර් නහින් සිනමා පටයෙනි.

මේරේ ප්යාරේ ප්‍රයිම් මිනිස්ටර් බොලිවුඩ් සිනමා පටය මාර්තු 15 වැනිදා තිරගත වීමට නියමිතය.

සිනමා පටයේ ට්‍රේලරය මේ වන විට මිලියන 10 කට අධික රසිකයන් පිරිසක් නරඹා තිබේ.

මේරේ ප්යාරේ ප්‍රයිම් මිනිස්ටර් රකේශ් ඕම් ප්‍රකාශ් මේරාගේ අධ්‍යක්ෂණයකි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages