මං ඒ මෝඩයා එක්ක යන්නේ මගේ අම්මා ‍හොයන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

මං ඒ මෝඩයා එක්ක යන්නේ මගේ අම්මා ‍හොයන්න

16 මාර්තු, 2019

මිත්‍ර­ත්වය යට කොට ඉස්මතු වන කෝප­යෙන් යුතුව ඔහු නැඟී සිටි­යේය. අමාලි දෙස නොබලා පිටව යාමට දරන ලද ප්‍රය­ත්නය ව්‍යර්ථ විය. ඇය වෙතින් හඬක් නොනැ­ඟු­ණද පය ඉක්මන් කරන අත­රේම ඔහු හැරී බැලු­වේය. ඒ කල­හ­කාරී හිතු­ව­ක්කා­රිය හඬා වැටෙන බව අනු­මාන කළ හෙතෙම “අමා” යි හඬ ගෑවේය. මෙතෙක් වේලා පැස­වන ලද කෝප­යද ද්වේෂ­යද අතු­රු­ද­හන්ව දයා­නු­ක­ම්පා­වෙන් මඬනා ලද තරු­ණයා ඇය වෙත දිව්වේය.

මගෙ තාත්තා වුණත්

මට ගහන්න අයි­ති­යක් නෑ

“ගහල මදි... මර­න්ඩයි තියෙන්නෙ.. මෙච්චර කල් බොරු කර කර ඉඳලා දැං පිළි­ග­ත්තනේ සම්බ­න්ධ­යක් තියෙ­නවා කියලා... ඉතිං මේකි මර­ලත් මදි... අර වගේ පිස්සෙක් එක්ක යන­වට වඩා හොඳයි මං මේකි මරලා හිරේ යනවා...”

සිරි­මාන්න හති­ලෑ­වේය. සුනන්දා වත්තන් කර­ගත්තේ ඔහුගේ පහර දීමෙන් බෙල­හීන වූ යුව­ති­යකි.

“සම්බ­න්ධ­ක­මක් කියන වච­නෙට කොච්චර තේරුම් තියෙ­න­වද... ප්‍රින්සි­පල් කෙනෙක් වෙලත් ඒක දන්නෙ නෑනේ...

කඳුළු කඩා හැළෙන දෑසින් වුවද ඇය මහ හඬින් කෑගෑ­වාය.

“යං යං... අපි යං කාම­රේට... ආයෙත් ගුටි කන්ඩද ඔය හදන්නෙ...?”

සුන­න්දාට උව­මනා වූයේ යුව­තිය කාම­රය තුළට කැටිව යෑම­ටය. ඇගේ දෑත ගසා දැමූ අමාලි සිය­පියා දෙස එක එල්ලේ බැලු­වාය.

“බ්‍රයන් මගෙ යාළු­වෙක් විත­රයි. ඒ මෝඩයා මා එක්ක යන්නෙ මගෙ අම්මව හොයන්න. අවු­රුදු දෙකක් තිස්සෙ අපි අම්මව හොය­නවා... එහෙම නැතුව ඔය ප්‍රින්සි­පල් තාත්තා හිත­නවා වගේ මඟුලෙ යන්නෙ නෑ අපි...”

එක්ව­රම උද්ගත වූ නිශ්ච­ල­තා­වය අති­ශ­යින් බර හා ගැඹුරු විය. ඔවුන් හුස්ම ඉහළ පහළ හෙළන හඬ පවා ඒ නිශ්ශ­බ්ද­තා­වයේ ගිලී ගියේය. කවර හෝ හඬක් කොයි කොත­න­කින් හෝ නැඟී ඒ දැයි විදුලි පහ­නද විම­සි­ලි­මත් වූ සෙයකි.

අමාලි කාම­ර­යට වැදුණේ අසීරු රංග­න­යක් හමාර කොට වේදි­කා­වෙන් පිටව නේවා­සි­කා­ගා­ර­යට යන නිළි­යක පරි­ද්දෙනි.

“තාමත්... තාමත් චම්පව හොය­න­වද මේ මෝඩි?”

සිරි­මාන්න ඇසුවේ හැඬු­ම්බර හඬිනි.

සුනන්දා කඳුළු සැලුවා විනා කිසි­වක් නොපැ­ව­සු­වාය.

“ඇයි නංගියේ තේරුම් කරලා නොදුන්නේ ඔය හෙවි­ල්ලෙන් වැඩක් නෑ කියලා.. චම්පා පොඩි ළම­යෙක් නෙමෙ­යින.. එයාගෙ සිහිය විකල් වෙලා නැත්තං එයා කොහේ හිටි­යත් ගෙදර එන්නෙ නැද්ද? අඩු ගානෙ කෝල් එකක් හරි දෙන්නෙ නැද්ද...? එයාට එයාගෙ ඇස් දෙක වගේ මායි ඔය කෙල්ලයි..”

දෙපය අප්‍රා­ණි­කව ගිය බැවින් ඔහු පුටු­වක් මත හිඳ ගත්තේය.

සුනන්දා සිය සොහො­යුරා දෙස බලා සිටියේ කම්පිත හදිනි.

“මාත් හැම­දාම කිව්වෙ ඔය බණේ තමා” යි නොකියා සිටීම පහසු නොවීය.

දවසේ නිමාව සනි­ටු­හන් කරන සල­කුණු එමට ඇතත් ඇයට ළං වන්නට ඔහු පැකි­ළු­ණේය. මොහො­ත­කට පෙර ගෙනා අයි­ස්ක්‍රී­මය පවා ඇය ප්‍රති­ක්ෂේප කළාය.

“මේක කනවා අයිසේ... දන්න­වද සල්ලි තිබිලා ගත්තා නෙමේ. මෙතන උඩ බලා­ගෙන ඉන්න බැරි­ක­මට ගත්තෙ.” යි ඔහු නොම­නා­පය පළ­ක­ළද ඇය බිහිරි වූවක මෙන් නිහ­ඬ­වම පසු වූවාය.

“අමා... මොකද වෙලා තියෙන්නෙ...?”

කුඩා උද්‍යා­නයේ තැන තැන සැරි­ස­රන හා බංකු මත හිඳ­ගෙන පිළි­ස­ඳ­රෙහි යෙදෙන පිරිස අතරේ ඇගේ මුහුණේ අඳුර වඩ වඩාත් ඉස්මතු විය.

“ටක් ගාලා එන්න කීවේ මොකක් හරි දැන­ගෙ­නම තමා කියලා මම හිතුවෙ.. මාත් ඉතිං පණ කඩා­ගෙන ආවා. මෙන්න මෙයා මෙතෙන්ට ඇවිත් ගස්වල කොළ ගණන් කර­නවා...”

මිතු­රාගේ අව­ලාද නොඇ­සෙන පරි­ද්දෙන් ඇය මනාව කප්පාදු කළ මල් පඳු­රක් මත රැඳුණු දෙනෙ­තින් පසු වූවාය.

“මේක දිය­වෙ­නවා හලෝ.”

ඔහු නැව­තත් අයි­ස්ක්‍රී­මය දිගු කළ විට ඇය කිපු­ණාය. එය ඩැහැ­ගත් ඇය

“මට කර­දර කරන්න එපා බ්‍රයන්... ඉන්න බැරි නම් යන එකයි ඇත්තෙ. මට ගෙදර යන්න ඔයා ඕන නෑ...” යි පවසා සිටියේ අති­ශය රළු පරළු විලා­ස­යෙනි.

“අයි­ස්ක්‍රීම් එකක් ගෙනැල්ලා දෙන එක කර­ද­යක්ද? මම ඔය ඔහොම කතා­වක් ඇහු­ව­මයි...”

ඔහුගේ මුව’ඟ නැඟි සිනාව වහා වියැ­කිණ. ඇය අයි­ස්ක්‍රී­මය විසි කර දමනු ඇතැයි ඔහු කිසි­සේත් නොසි­තු­වේය.

“මොකක්ද ඒ කළේ?”

“ඇයි? දැක්කෙ නැද්ද කරපු දේ...?”

ඔහු ආපසු හැරුණේ මහත් කෝප­යෙනි.

“ඊට වඩා හොඳයි මගෙ මූණට දමල ඇන්න නම්...” යි කොඳු­ර­මින් ඔහු නුදු­රෙහි වෙනත් බංකු­වක් මත හිඳ ගත්තේය. ඇයට ළං වීමට මෙන් ම ඇගෙන් ඈත් වීමට ද ඔහු පැකි­ළු­ණේය. හිටි හැටියේ මව අහිමි වූ දිය­ණි­යක ගේ ඕනෑම වර­දක් නොතකා හරි­න්නට ඔහු සූදා­නම්ය. එහෙත් මේ නිර්දය හැසි­රීම ඔහු තුළ වන මිත්‍ර­ත්වය ද යම්තාක් දුරට පළුදු කරයි.

“දමල ගහල යන්නයි තියෙන්නෙ. ඕන මඟු­ලක් කර­ගන්න කියලා..”

මිත්‍ර­ත්වය යට කොට ඉස්මතු වන කෝප­යෙන් යුතුව ඔහු නැඟී සිටි­යේය. අමාලි දෙස නොබලා පිටව යාමට දරන ලද ප්‍රය­ත්නය ව්‍යර්ථ විය. ඇය වෙතින් හඬක් නොනැ­ඟු­ණද පය ඉක්මන් කරන අත­රේම ඔහු හැරී බැලු­වේය. ඒ කල­හ­කාරී හිතු­ව­ක්කා­රිය හඬා වැටෙන බව අනු­මාන කළ හෙතෙම “අමා” යි හඬ ගෑවේය. මෙතෙක් වේලා පැස­වන ලද කෝප­යද ද්වේෂ­යද අතු­රු­ද­හන්ව දයා­නු­ක­ම්පා­වෙන් මඬනා ලද තරු­ණයා ඇය වෙත දිව්වේය.

“ඒයි... මොකද මේ...?”

ඔහු කොතෙක් සන්සුන් වීද කිව­හොත් ප්‍රශ්න කළේ ඉංග්‍රී­සි­යෙනි. ඔහුගේ පියා කිසි­වි­ටෙ­කත් ඔහු සමඟ සිංහ­ලෙන් කතා නොක­රයි. ගෙද­රදී ඔහු සිංහ­ලෙන් කතා කරන්නේ මව සමඟ පමණි.

“ඇයි මේ අඬන්නේ?”

කිසි විටෙ­කත් ලේන්සු­වක් පාවිච්චි නොක­රන යුව­තිය කඳුළු පිසදා ගත්තේ ඔහුගේ කමි­ස­යෙ­න්මය.

“ෂිකේ... මගේ අලුත් ම ෂර්ට් එක...” යි තරු­ණයා මහත් වික්සෝ­ප­යෙන් කෑගෑ­වේය.

‘අලුත්ම ෂර්ට් එක හින්දා තමා පිහදා ගත්තේ. අර පරණ හම්පඩ ටී ෂර්ට් කබල ඇඳ­ගෙන හිටියා නම් මං කඳුළු තියා හොටු­වත් පිහින්නෙ නෑ...”

ඇය මඳක් බැරෑ­ඬිව ගිය හඬින් කියා සිටි­යාය.

“වට් නොන්සන්ස්” යි ඔහු අප­මණ අස­න්තෝ­ෂ­යෙන් හඬ ගෑවේය.

“කෙනෙක් අඬද්දි කව­දා­වත් අහන්න එපා බ්‍රයන් ඇයි අඬන්නෙ කියලා...”

ඇය කව­දා­වත් නොවූ විරු ශාන්ත දාන්ත විලා­ස­යෙන් පැව­සු­වාය.

“දැං අඬල ඉව­ර­යිනෙ.. දැංවත් කිය­න­වද ඇයි ඇඬුවෙ කියලා..”

ඇගේ නෙත කඳු­ළක තෙත උරා ගත් කමි­සයේ කොන මත රැඳුණු සෝබර දෙනෙ­තින් යුතුව ඔහු ප්‍රශ්න කළේය.

“තාත්තා ඊයෙ මට ගැහුවා.”

කුඩා දැරි­යක මෙන් ඇය සත්‍යය හෙළි­ද­රව් කරන කළ ඔහු මුව’ඟ දයා­න්විත සිනා­වක් නැගිණ.

“ගැහුවෙ නැත්තං තමා පුදුම.”

“මොකක්ද කිව්වෙ?”

ඔහු හෙළු දඟ­කාර බැල්ම පවා ඇගේ කෝපය තුනී කර දම­න්නට සමත් නොවීය.

“මම කීවෙ ඔයා ඉතිං ගුටි කන වැඩ­මනෙ කරන්නෙ... ඒකයි...”

“මම මොන වැඩේ කළත් තාත්තට අයි­ති­යක් නෑ මට ගහන්න. මම එයාගෙ දරුවා කියලා මට තලන්න බෑ එයාට.”

ඇය නිහ­ඬව සිති­වි­ල්ලෙන් බරව සිටි­නවා වෙනු­වට මේ අන්ද­මින් වාද­යට එළැ­ඹීම ඔහුට සතු­ටට කරු­ණකි.

“මගෙ ඩැඩාත් මට ගහ­නවා අමා. ඒක එච්චර ගණන් ගන්න එපා..”

“ඇයි එහෙම කියන්නෙ..? ඇයි අපි ගුටි­කන්නෙ? ගහන කෙනා අම්මා තාත්තා වුණත් ගුරු­ව­ර­යෙක් වුණත් ඒක වැර­දියි බ්‍රයන්.. ඒක ඇත්ත­ටම හුඟක් වැර­දියි..”

වාද කර­නවා වෙනු­වට ඔහු මඳ සිනා­වක් පෑවේය.

“මේක ලංකාව හලෝ..”

ඇය ඔහු දෙස එක එල්ලේ බැලු­වාය.

“මොකක් වුණත් බ්‍රයන් තමුන්ට වඩා දුර්වල කෙනෙ­කුට ගහන එක වැර­දියි.. ආපහු හැරිලා ගහන්න බැරි කෙනෙ­කුට ගහන එක මනු­ස්ස­ක­මට නින්දා­වක්.. මම නම් තාත්තට කව­දා­වත් සමාව දෙන්නෙ නෑ මට ගැහු­වට..”

“අයියෝ ගුටි­යක් කාලද ඔය මෙච්චර වෙලා සෑඩ් මූඩ් එකේ හිටියේ?”

ඇය වහා නැඟී සිටියා ය.

“අපි යං..”

“කොහෙද?”

ඇය උද්‍යා­න­යෙන් පිටව යාමට නොඉ­ව­සි­ලි­මත් වූවා මිස ඔහුට උත්තර නොදු­න්නාය.

නැව­තත් ප්‍රශ්න කිරී­මෙන් පලක් නොවන බව දත් තරු­ණයා තමාගේ පයේ හැපුණු බෝලය දෙස බැලු­වේය. එය ලුහු බැඳ එන ‍ෙකාලු පැට­වාගේ හුරු­බු­හු­ටි­ බ­වින් තුටු­ප­හටු වෙනවා වෙනු­වට පා පහ­රක් එල්ල කළේය. බෝල­යට නොව තමාට පහ­රක් එල්ල වූ කලෙක මෙන් කොලුවා තිගැ­ස්සු­ණේය.

“මගෙ බෝලේ... අනේ මගේ බෝලේ...” යි ඔහු හඬ­න්නට පටන් ගත්තේය. ඒ හඬ අමා­ලිගේ අව­ධා­න­යද ලබා­ග­න්නට තරම් උස් විය.

“යං යං...” යි බ්‍රයන් නුවු­මනා හදි­සි­යක් මවා පෑවේය.

“අර බබා අඬ­න­වනේ.” යි අමාලි සන්තා­ප­යෙන් පැව­සු­වාය. කුඩා­වුන් හඬන කළ ඇයට ඉව­සිය නොහැක.

“මේ පරණ ලෝකෙට ආපු අලුත් අමුත්තෝ... අපි ඒගො­ල්ලන්ට ආද­රෙන් කරු­ණා­වෙන් සල­කන්න ඕනි” යි කිය­න්නට ඇය පුරු­දුව සිටි­යාය.

“බෝලේ.. බෝලේ.” යි කොලුවා අත්තක රැඳුණු බෝලය දෙස අතක් දිගු කර­මින් කඳුළු සැලු­වේය.

“මට නං කිය­න්නෙපා අමා ගස් නඟින්න කියලා.. වෙන ඕන ම දෙයක් කර­න්නම්. ඒ වැඩේ නම් මට බෑ..”

යෙහෙ­ළි­යගේ ඍජු බැල්මෙන් නොස­න්සුන්වූ බ්‍රයන් වහා සිය නොහැ­කි­යාව පළ කළේය. අත් බෑගය ඔහු වෙත විසි කළ ඇය වේග­යෙන් ගස කරා ඇවිද ගියාය.

බිම පතිත වන්නට ඉඩ නොහැර අත්බෑ­ගය දෑතින්ම අල්ලා ගත් තරු­ණයා

“ඒයි... ඒයි” යි හඬ ගෑවේය. එහෙත් ඔහු විරු­ද්ධ­ත්වය පාන්නට ද පෙර ඇය ගසට නැඟ හමා­රය.

“මයි ගෝඩ්...”

බැති­යෙන් නොව විම­ති­යෙන් දෙවි­යන් සිහි කළ බ්‍රයන් අයා ගත් නෙතින් බලා සිටි­යේය. හැඬීම නැවැත්වූ කොලු පැට­වාද බෝලය රැඳි අත්ත වෙත සීරු­වෙන් ළං වන යුව­තිය ‍මත රැඳණු දෙනෙ­තින් “මගේ බෝලේ.. මගේ බෝලේ” යි කෑගෑ­වේය.

“අෂේන්...”

යෙහෙ­ළිය පය ලිස්සා බිම ඇද වැටෙ­න්නට බැරි නැතැයි සැක­යෙන් හැකිළී ගිය දෙඇස සැණෙ­කින් ආග­න්තු­කයා දෙස යොමු විය.

ලබන සතියට‍...



from silumina sithmalyaya

No comments:

Post a Comment

Post Bottom Ad

Pages