ජිනීවා තීන්දුවට උතුරේ නායකයෝ බෙදෙති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-17

ජිනීවා තීන්දුවට උතුරේ නායකයෝ බෙදෙති

ශ්‍රී ලංකා ආණ්ඩුවට ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් කල් ලබා නොදිය යුතු බව උතුරේ දේශපාලන පක්ෂ නායකයන් 7 දෙනකු ජිනීවා කොමිසමෙන් ලිඛිතව ඉල්ලා ඇත.

මෙම දේශපාලන නායකයන් වන්නේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්, වී. ආනන්දසංගරී, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ඩී. සිද්ධාර්ථන්, ආනන්ද ශෂිදරන්, සෙල්වම් අඩෛක්කලනාදන් යන අයයි. අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවත් වසර දෙකක් කල් ලබාගැනීමේ සම අනුග්‍රාහකත්ව යෝජනාවට ශ්‍රී ලංකාවද දායක වී සිටියදී උතුරේ නායකයන් මෙම ඉල්ලීම කර තිබේ. මෙයට අදාළ ලිපියක් රැගෙන ටෙලෝ සංවිධානයේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ජිනීවා බලා පිටත්වූයේ ගිය බ්‍රහස්පතින්දාය.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා එහි ගොස් වෙනම ලිපියක් භාරදෙන අතර එමගින් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුවට කොන්දේසි සහිත කල්දීමක් කළ යුතු වගයි. මෙම කල්දීම හොඳමදි බවද එම ලිපියේ දැක්වෙන බව කියැවේ.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages