සෙලාන් බැංකුවේ වාර්ෂික විකුණුම් සම්මාන උලෙළේදී විශිෂ්ටයන්ට සම්මාන - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

සෙලාන් බැංකුවේ වාර්ෂික විකුණුම් සම්මාන උලෙළේදී විශිෂ්ටයන්ට සම්මාන

16 මාර්තු, 2019

සෙලාන් බැංකුවේ විකුණුම් අංශයේ වාර්ෂික සම්මන්ත්‍රණය සහ සම්මාන උ‍ෙලළේ පසුගියදා කිංස්බරි හෝටලයේදී පැවැත්විණි. 2018 වසර තුළදී විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ, විකුණුම් අංශයේ සාමාජික සාමාජිකාවන් සඳහා මෙහිදී සම්මාන පිරිනැමිණි. මෙම අවස්ථාවට සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ.

ප්‍රධාන කාණ්ඩ 5 ක් යටතේ සම්මාන පිරිනැමීම සිදුකෙරිණි. පෞද්ගලික ණය අංශයේ චාමික පෙරේරා සහ නිවාස ණය අංශයේ කර්බි ඉමංක විශිෂ්ටතම ක්‍රියාකාරීත්වය වෙනුවෙන් සම්මාන ලැබූහ. ක්‍රෙඩිට් කාඩ්පත් විකුණුම් ශේෂ බැරකිරීම් වෙනුවෙන් අංජුල ඩිල්ශාන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ක්‍රෙඩිට් කාඩ් විකුණුම් වෙනුවෙන් සම්මානය හිමිවූයේ ජානක හේරත් වෙත ය.

ලීසිං විකුණුම් අංශයේ විශිෂ්ටයා ලෙස සම්මාන දිනාගන්නා ලද්දේ ලොශාන් ජයසේකර විසිනි.

“සෙලාන් බැංකුවේ අලෙවි අංශය කවදත් වෘත්තීය ආචාර ධර්ම අකුරට පිළිපදින අංශයක්. බැංකුවේ පොදු අරමුණුවලට සමගාමීව ඉදිරියට යමින් අපගේ ඉලක්ක ළඟා කරගැනීමට අප සෑම විටම කටයුතු කරනවා. මේ සම්මාන උලෙළ පවත්වන්නේ අප බලාපොරොත්තු වූවාටත් වඩා විශිෂ්ට දක්ෂතා දක්වන සාමාජික සාමාජිකාවන් ඇගයීමටයි. මේ තරුණ තරුණියන්ගේ දක්ෂතා ගැන මා බෙහෙවින් සතුටු වනවා.

ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා ඔවුන් දක්වන උනන්දුව හා කැපවීම කොතෙක්ද යන්නට මේ සම්මාන හොඳ සාක්ෂියක්. අපගේ විකුණුම් කණ්ඩායම් ස්ථාපිත කෙරුණේ මීට අවුරුදු 2 කට පෙරයි. මෙතරම් කෙටි කාලයක් තුළ ඔවුන් පෙන්නුම් කර ඇති ප්‍රගතිය ගැන අපට ආඩම්බර වන්නට පුළුවන්. දක්ෂයන් ඇගයීමට මෙන්ම, බැංකුකරණයේ සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, තම හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබන්නට කාර්ය මණ්ඩලය පොලඹවන වාතාවරණයක් නිර්මාණය කරන අගනා පරිසරය ලෙස මෙම සම්මාන උලෙළ පෙන්වා දීමට පුළුවන්.” සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් ප්‍රධානී ගාමික ද සිල්වා මහතා පැවසී ය.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages