පාසල්වලට හෙළ බොජුන්හල් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

පාසල්වලට හෙළ බොජුන්හල්

(බුද්ධිකා ඉඹුලාන)
 
පාසල් තුළ හෙළ බොජුන්හල් ඉදිකිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.
 
නිවැරදි ආහාර රටාවකින් තොරවීම හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍ය ගැටලු ප්‍රමාණාත්මකව වර්ධනය වීමෙන් බෝ නොවන රෝග සඳහා ගොදුරු විමට ඇති ඉඩකඩ වැඩිවීම අවම කිරීම,දරුවන්ගේ ස්ථූලභාවය අවම කිරීම සඳහා පලතුරු මෙන්ම එළවළු පරිභෝජනය ඉහළ දැමිම  මෙහි අරමුණුවේ.
 
පාසල් තුළ ඉදිකරනු ලබන හෙළ බොජුන්හල්හි ආහාර නියාමනය පාසල් තුළ පිහිටවනු ලබන ආහාර කමිටු හරහා සිදු කිරීමට නියමිතය.
 
බෝ නොවන රෝග හේතුවෙන් දිනකට පුද්ගලයින් 09 දෙනකු ජීවිතක්ෂයට පත්වන බවත්,ඊට ප්‍රධානතම හේතුව නිවැරදි ආහාර රටාවක් අනුගමනය නොකිරීම බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දී ඇත.
 
ඒක පුද්ගල දෛනික එළවළු පරිභෝජනය ග්‍රෑම් 440ක් වුවද එය ග්‍රෑම් 200ට සීමා වි ඇති බවත්, පුද්ගලයින් තිදෙනෙකු ගත් විට එක් පුද්ගලයකු ස්ථූලතාවයෙන් පෙළෙන බවත්, මේ හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් එක් අයෙකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවත්, කෘෂිකර්ම ,සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශවල නිලධාරීන්ගෙන් සැදුම්ලත්, බෝ නොවන රෝග නිවාරණය වෙනුවෙන් රැස්වූ කමිටුව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා වෙක අවධාරණය කර තිබේ.
 
බොහෝ දරුවන් පාසලට පැමිණෙන්නේ උදෑසන ආහාරය නොගැනීමෙන් බවත්,මෙම හෙළ බොජුන් හල් මඟින් දරුවන්ට එළවළු පලතුරු පරිභෝජනය වර්ධනය කර සෞඛ්‍යාරක්ෂිත ජීවන රටාවකට හුරු කිරීම මෙම ව්‍යාපෘතිය මගින් කළ හැකි බවත් බෝ නොවන රෝග නිවාරණය වෙනුවෙන් රැස්වූ කමිටුව ඇමැතිවරයා හමුවේ පෙක්වා දී තිබේ..ආහාර අලෙවිය සඳහා පල කරනු ලබන දැන්වීම් වෙනුවෙන් දරුවන් යොදා ගැනීම තහනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද මෙහිදී කමිටු නියෝජිතයින් අවධාරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages