වවන්න අයවැයෙන් මුදල් වෙන්කරද්දී කඩො­ලා­න කපන උගත්තු - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

වවන්න අයවැයෙන් මුදල් වෙන්කරද්දී කඩො­ලා­න කපන උගත්තු

16 මාර්තු, 2019

බොල්ගොඩ ජලා­ශය සහ ජලා­ශය ආශ්‍රිත ප්‍රදේ­ශය සම්පූර්ණ වශ­යෙන්ම ජාතික පාරි­ස­රික පනතේ 204 (ඇ) වග­න්තිය යටතේ පරි­සර ආර­ක්ෂණ ප්‍රදේ­ශ­යක් ලෙස 2010 සිට නම් කර තිබෙනවා. යම්කිසි කෙනෙක් මේ ඉඩම් ගොඩ කිරී­මක් හෝ ආර­ක්ෂණ ප්‍රදේ­ශය තුළ ඉදි­රි­කි­රී­මක් කර­නවා නම් අනි­වා­ර්ය­යෙන්ම මධ්‍යම පරි­සර අධි­කා­රියේ අව­සර ගත යුතුයි. එසේ අව­සර නොගෙන එවන් කට­යු­ත්තක් සිදු කර තිබෙ­නවා නම් ජාතික පාරි­ස­රික පනත අනුව රජයේ ආය­ත­න­යක් කළත්, පෞද්ග­ලික ආය­ත­න­යක් කළත්, විශ්ව­වි­ද්‍යා­ල­යක් කළත් සම්පූ­ර්ණ­යෙන් නීති විරෝ­ධීයි.
- ජගත් ගුණ­ව­ර්ධන

* නැවත වගා­වට අය­වැ­යෙන් රුපි­යල් මිලි­යන 50ක්
* විශ්ව­වි­ද්‍යාල අබලි ද්‍රව්‍ය යොදා බිම් ගොඩ කරලා
* සියල්ල කරන්නේ පිහි­නුම් තටා­ක­යක් හද­න්නයි

මුල් කාලයේ කඩො­ලාන හඳු­නා­ගෙන තිබුණේ මාළු අස්වැන්න වැඩි කර­මින් රටේ ධීවර කර්මා­න්තය නඟා සිටු­වී­මට ඉතාම වැද­ගත් සංවේදී පරි­සර කලා­ප­යක් ලෙසිනි. එසේම ගංව­තුර, සුනාමි වැනි ස්වාභා­වික විපත් පාල­න­ය­ටද කඩො­ලාන ශාක වනා­න්ත­ර­යට අත්‍ය­ව­ශ්‍යම පරි­සර සාධ­ක­යකි. සුනාමි ව්‍යස­න­යේදී කඩො­ලාන ආශ්‍රිත පරි­සර කලා­ප­ව­ලට වූ හානිය අවම වීමෙන්ම ඒ බව සනාථ විය. නව­තම සමී­ක්ෂ­ණ­ව­ලින් හෙළි වන්නේ කඩො­ලාන ශාක ගෝලීය උණු­සුම ඉහළ යාම පාල­නය කිරී­මට මහඟු දාය­ක­ත්ව­යක් සප­යන බව­ටයි.

අති සංවේදී පරි­සර පද්ධ­ති­යක් වන සිංහ­රාජ වනා­න්ත­රයේ හෙක්ට­යා­ර­යක් හා සස­ඳන කල කඩො­ලාන ශාක වනා­න්තර හෙක්ට­යා­ර­ය­කින් කාබන් රඳවා ගැනීමේ හැකි­යාව හතර ගුණ­ය­කින් පමණ ඉහළ බවට නව­තම සමී­ක්ෂ­ණ­ව­ලින් හෙළි කර ගෙන ඇති බව පරි­සර අමා­ත්‍යං­ශය ප්‍රකාශ කරයි.

පරි­ස­ර­යට හිතැති ජන­ප­ති­ව­ර­යාද මූලි­ක­ත්වය ගෙන කඩො­ලාන සංර­ක්ෂ­ණ­යෙන් ශ්‍රී ලංකාව ඉදි­රි­යට ගමන් කර­මින් සිටින්නේ පොදු රාජ්‍ය මණ්ඩ­ලීය රට­වල් අතර කඩො­ලාන සංර­ක්ෂ­ණ­යට මූලි­ක­ත්වය ගෙන ඇති රටක් ලෙසිනි. ඒ අනුව කඩො­ලාන රටේ තෙත්බිම් ආශ්‍රි­තව ව්‍යාප්ත කිරීමේ අර­මු­ණින් මෙවර අය­වැ­යෙන්ද නැවත වගාව පිණිස පැළ තවාන් ඇති කිරී­මට රුපි­යල් මිලි­යන 50ක් වෙන්කළ බවද මුදල් අමා­ත්‍ය­ව­රයා ප්‍රකාශ කළේය. මේ වන විට හෙක්ට­යාර පහ­ළොස් දහ­සක් පමණ වන කඩො­ලාන ශාක පද්ධ­තිය තවත් දස­ද­හ­ස­කින් ඉහළ දැමී­මට පරි­සර අමා­ත්‍යාං­ශය හා එක්ව සැලැ­සුම් සකස් කෙරේ.

එසේ තිබි­යදී පසු­ගි­යදා අපට වාර්තා වූයේ කොළ­ඹට නුදුරු අති සංවේදී කඩො­ලාන ශාක වනා­න්තර පද්ධ­ති­යක් විනාශ කර­මින් සිදු­ක­රන අත්ත­නෝ­ම­තික ව්‍යාපෘ­ති­යක් ගැනය. එම ව්‍යාපෘ­තිය සිදු කරන්නෙ රටට උග­තුන්, බුද්ධි­ම­තුන් බිහි කරන විශ්ව­වි­ද්‍යා­ල­ය­කින් වීම මෙහි තිබෙන අභා­ග්‍ය­යයි. මෙලෙස විනාශ මුඛ­යට ලක්වන්නේ මොරටු විශ්ව­වි­ද්‍යා­ලයේ මායි­මට වන්නට පිහිටි බොල්ගොඩ ගඟ ආශ්‍රිත කඩො­ලාන ශාක පද්ධ­ති­යයි. විශ්ව­වි­ද්‍යාල බල­ධා­රීන් විසින් විශ්ව­වි­ද්‍යා­ල­යට පිහි­නුම් තටා­ක­යක් ඉදි­කි­රී­මට මේ වන විට සියලු කට­යුතු සූදා­නම් කර බිම් සකස් කර­මින් සිටින බවට තොර­තුරු වාර්තා වේ. මීට දෙම­ස­කට පමණ පෙර ආරම්භ වූ එම ව්‍යාපෘ­තිය සඳහා අක්කර දෙකක පමණ කඩො­ලාන ශාක වනා­න්තර ප්‍රදේ­ශ­යක් විශ්ව­වි­ද්‍යා­ලයේ අබලි ද්‍රව්‍ය යොදා ගොඩ­ක­ර­මින් තිබෙන බවද සැලවේ. විශ්ව­වි­ද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ මහා­චා­ර්ය­ව­ර­යෙ­කුගේ හිතු­ම­නා­පෙට සිදු­ක­රන බව පැව‍ෙසන එම ව්‍යාපෘ­තිය ගැන අප මුලින්ම විම­සී­මක් කළේ එහි උප­කු­ල­පති කපිල පෙරේරා මහ­තා­ගෙනි.

“අපි මෙතැන ඔය කියන පිහි­නුම් තටා­ක­යක් කිසි­සේත්ම හදන්නෙ නැහැ. පිහි­නුම් තටා­ක­යක් විශ්ව­වි­ද්‍යාල මාස්ටර් ප්ලෑන් එකට තියෙ­නවා. නමුත් ඔතැන නෙමේ. එසේම ඔය කියන තරම් අක්කර ගණන් ගොඩ කරලා නැහැ. හරි­ය­ටම ගොඩ­කි­රී­මක් සිදු­වෙලා තියෙන්නෙ දිග මීටර් අසූ­වක් සහ පළල මීටර් පන­හක වගේ ප්‍රදේ­ශ­යක. ඒක වුණේ ආප­දා­වට ඔරොත්තු දෙන ගොඩ­නැ­ඟිලි ගැන අධ්‍ය­ය­නය කිරී­මට 20යි 40 තාව­කා­ලි­කව ඉදි­ක­රන ලද ගොඩ­නැ­ඟිලි හත­රක් හැදී­මට. එම ගොඩ­නැ­ඟිලි දැන් කඩා­බිඳ දමා ඒවා සම­තලා කිරී­ම­කුයි සිදු­වුණේ. අපි දැන් මිනු­ම්දෝරු දෙපා­ර්ත­මේ­න්තුවේ අනු­මත සිති­යම් ගෙනැ­විත් රක්ෂි­තයේ මායිම සල­කුණු කිරී­මට කට­යුතු කර­මින් සිටින්නෙ. එහිදී යම්කිසි වර­දක් අපේ පැත්තෙන් සිදුවී තිබේ­නම් එය කඩි­නම්ව නිවැ­රැදි කිරී­මට වග බලා ගන්නවා.”

කුල­ප­ති­ව­රයා එසේ කීවත් මේ වන විට යම් ආකා­ර­ය­කින් සිදුවී තිබෙන විනා­ශ­යෙන් කඩො­ලාන ශාක පද්ධ­ති­යට දැඩි හානි­යක් වී ඇති බවට සැලවේ.

ආසි­යාවේ හොඳම කඩො­ලාන තෙත්බිම ලෙස­ටද සැලැ­කෙන කොළඹ සහ ඒ අවට කලා­ප­යට අයත් ඉතාම සංවේදී පරි­සර කලා­ප­යක් වන බොල්ගොඩ ගංතී­රය ආශ්‍රි­තව විශ්ව­වි­ද්‍යා­ලය සිදු­කළ එම ගොඩ කිරීම් වප­ස­රිය තුළ කුඹුක් වගා­වක්ද රෝප­ණය කර ඇති බව වාර්තා විය. එහෙත් කුඹුක් යනු කඩො­ලාන ශාක හා සස­ඳන කල අහ­සට පොළොව මෙන්ය. එසේම මේ ව්‍යාපෘ­ති­යට ඍජු­වම සම්බන්ධ වූ මහා­චා­ර්ය­ව­ර­යෙක් පව­සන්නෙ විශ්ව­වි­ද්‍යාල ආශ්‍රිත පරි­ස­රය තුළ කඩො­ලාන ශාක නොමැති බවත් තිබෙන්නෙ පට්ටා නමැති ශාකය බවයි. එහෙත් අති­සං­වේදී පරි­සර කලා­ප­යක පිහිටි කිසිදු ශාක­යක් හිතු­ම­නා­පෙට විනාශ කළ නොහැකි බව එම ජ්‍යෙෂ්ඨ මහා­චා­ර්ය­ව­ර­යාට කිසි­සේත්ම නොතේ­රෙන බවට අපට හැඟේ.

සියලු ක්‍රියා­මාර්ග ගන්නවා

කුමන ආකා­ර­යක වුව කඩො­ලාන ආශ්‍රිත තෙත්බිම් කලා­ප­යක් ගොඩ කිරී­ම­කට අව­සර නැත. එහි පූර්ණ වග­කීම පව­තින්නෙ මධ්‍යම පරි­සර අධි­කා­රි­ය­ටයි. අප මේ පිළි­බඳ මධ්‍යම පරි­සර අධි­කා­රි­යෙන් විමසූ විට බොල්ගොඩ ගඟ ආශ්‍රිත තෙත්බිම් කලා­පය බාර වග­කි­ව­යුතු නිල­ධා­රි­නි­ය කීවේ මෙවන් කතා­වකි.

“ඔය පිළි­බ­ඳව වාර්තා වුණා. අපි ඒ පිළි­බඳ කඩි­නම්ව ඉදි­රි­යේදී කට­යුතු කර­නවා. ඔය කියන ගොඩ­කි­රී­ම්ව­ලට, කැපී­ම්ව­ලට අපෙන් කිසිම අව­ස­ර­ය­ක්නම් ගත්තෙ නෑ. අපි ඒ භූමිය තිබුණ හැටි කොහො­මද කිය­ල­නම් දන්නෙ නැහැ. නමුත් අපි හිත­නවා ඒ භූමි­යේත් කඩො­ලාන ශාක තියෙන්න ඇති කියලා. කොහොම වුණත් ඒ ප්‍රදේ­ශය බොල්ගොඩ පරි­සර ආර­ක්ෂණ ප්‍රදේ­ශය කියලා ගැසට් කරලා තියෙන්නෙ. ඒ නිසා බොල්ගොඩ ආශ්‍රි­තව කිසි­යම් කට­යු­ත්තක් කර­න­වා­නම් අනි­වා­ර්ය­යෙන්ම අපෙන් අව­සර ගත යුතු­මයි. විශේ­ෂ­යෙන්ම ගොඩ­කි­රීම් කිසි­සේත්ම කරන්න බැහැ. නමුත් අපේ නිරී­ක්ෂණ කණ්ඩා­ය­ම්ව­ලට අනා­ව­ර­ණය වෙලා තියෙ­නවා ඒ ප්‍රදේ­ශයේ ගොඩ­කි­රී­මක් වෙලා තියෙ­නවා කියලා. එම නිසා අපි මේ පිළි­බ­ඳව ඉදි­රි­යේදී ගත හැකි සිය­ලුම ක්‍රියා­මාර්ග ගන්නවා."

මායිම් සොයා බල­නවා

මේ වන­විට කඩො­ලාන ශාක කලා­පය සහ විශ්ව­වි­ද්‍යා­ලය අතර මායිම් පිළි­බඳ සොයා බැලී­මක් කර­ගෙන යන­බව ද උප­කු­ල­ප­ති­ව­රයා පව­සයි. එහෙත් ඔවුන් එවන් පිරි­ක්සී­මක් සිදු­ක­රන්නේ කිසි­යම් හෝ විනා­ශ­යක් සිදු කළ පසු­වද යන්න අපට ගැට­ලු­වකි.

අප මෙහි බිම් මායිම් ගැන ශ්‍රී ලංකා මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ද විම­සීමු.

“බිම් සවිය වැඩ­ස­ට­හන යටතේ අපි මේ වන විට මොර­ටුව ප්‍රදේ­ශයේ කඩ­ඉම් සිති­යම් ලකුණු කර තිබෙ­නවා. මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ ඉල්ලීම අනුව විශ්ව­වි­ද්‍යා­ල­යට අදාළ කොටසේ සිති­ය­මක් අපි ඔවුන්ට ලබා දුන්නා. සිති­යම විශ්ව­වි­ද්‍යා­ල­යට ලබා දුන්නාට ඉදිරි කට­යුතු සඳහා අපෙන් කිසිදු ඉල්ලී­මක් කර නැහැ. මැනී­මක් කිරී­ම­ට­නම් අදාළ බල­ධා­රියා හෝ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­යා­ගෙන් අපට ඉල්ලී­මක් ලැබෙන්න අව­ශ්‍යයි. එහෙත් තවම එහෙම ඉල්ලී­මක් කිසිදු කෙනෙ­කු­ගෙන් ලැබී නැහැ” යනු­වෙන් මිනු­ම්පති පී. එම්. පී. උද­ය­කාන්ත මහතා පැව­සීය.

විශ්ව­වි­ද්‍යාලය සහ බොල්ගොඩ ගංතී­රයේ කඩො­ලාන ශාක වනා­න්තර කලා­පය අතර මායිම කෙසේ පිහි­ටිය ද කිසිදු අයෙ­කුට කඩො­ලාන ශාක විනාශ කිරී­මට අයි­ති­යක් නොමැත. “විශ්ව­වි­ද්‍යා­ලයේ සිසුන්ට හරි­හැටි කෑමක්-බීමක් ගැනී­මට ආපන ශාලා­වක්, නිසි පරිදි විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළු­වී­මට පිවි­සු­මක් නැහැ. සිසු අව­ශ්‍යතා හා පහ­සු­කම් ගැන සොයා බලන්නේ නැතිව ඇතැම් බල­ධා­රීන්ගේ ඕනෑ එපා­කම් මත කරන මෙවැනි ව්‍යාපෘ­ති­ව­ලින් වෙන්නේ මහ­ජන මුදල් විනාශ වීමයි.” මේ පිළි­බඳ අද­හස් පළ කරන නම සඳ­හන් කිරී­මට අකැ­මැති විශ්ව­වි­ද්‍යා­ලයේ ඇතැම් ආචාර්ය මහා­චා­ර්ය­වරු පව­සති.සිසුන්ට අවශ්‍ය පහ­සු­කම් සප­යන්නේ නැතිව පිහි­නුම් තටාක තැනී­මට පරි­ස­රය විනාශ කිරීම ගැන සිසුන් ද සිටි­නුයේ අව­ධා­න­යෙනි.

කෙසේ­වු­වද, රටට උග­තුන්, බුද්ධි­ම­තුන් බිහි­ක­රන විශ්ව­වි­ද්‍යා­ල­ය­කින් යම් ආකා­ර­යක ව්‍යාපෘ­ති­යක් සිදු­ක­රන විටදී නිසි අධ්‍ය­ය­න­යක් කර­මින් පරි­ස­ර­යට හිත­කා­මීව, රටට වැඩ­දායි ව්‍යාපෘ­ති­යක් ලෙස සිදු­ක­ර­න්නේ­නම් එවන් ඕනෑම ව්‍යාපෘ­ති­යක් කිසිදු ලෙස­කින් අය­හ­පත් ව්‍යාපෘ­ති­යක් ලෙස අපි නොද­කිමු. එම නිසා බොල්ගොඩ ගඟ ආශ්‍රිත සංවේදී පරි­සර කලා­පයේ සිදු­වන මේ ව්‍යාපෘ­තිය ගැන වග­කි­ව­යුතු මාධ්‍ය­යක් ලෙස අප අව­ධා­න­යෙන් සිටින අතර වග­කි­ව­යු­ත්තන්ගේ ද කඩි­නම් අව­ධා­නය යොමු­කළ යුතු බව අව­ධා­ර­ණය කරමු.



from silumina sithmalyaya

No comments:

Post a Comment

Post Bottom Ad

Pages