ඇව්රෝ ජෙට් සමා­ග­ම­ටත් උප­දෙස් දුන් අපේ ඉංජි­නේ­රුවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

ඇව්රෝ ජෙට් සමා­ග­ම­ටත් උප­දෙස් දුන් අපේ ඉංජි­නේ­රුවා

16 මාර්තු, 2019

* උපන්නේ 1926 අභා­ව­ප්‍රාප්ත වුණේ 2015
* කාර්මික දෝෂ­යට පිළි­යම් කළාට තෑග්ගට ලැබුණේ ජෙට් ඇන්ජි­මක්
* පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලය තමන්ගේ ගෙදර කර­ගත්තා

නමින් සෙල්ව­දු­රෙයි මහා­ලි­ංගම් වූ ඔහු ලංකා මාතෘ­භූ­මියේ සාඩ­ම්බර පුත්‍ර­යකු ලෙසින් 1926 වසරේ ජන­වාරි දහ­සය වැනි දාවක යාපන අර්ධ­ද්වී­පයේ අල­වෙඩ්ඩිහිදි උපත ලැබු­වේය. මහා­ලිංගම්ගේ මව නාගම්මා සෙල්ල සර­ස්ව­තීය. පියා සෙල්ව­දු­රෙයි විය. කුඩා අව­ධි­යේම ඔහුගේ පියා වූ සෙල්ව­දු­රෙයි රාජ්‍ය සේවය සඳහා මල­යාව හෙවත් නූතන මැලේ­සි­යා­වට ගියේය. ඒ සමඟ කුඩා මහා­ලිංගම් ඇතුළු පවු­ලද මල­යාවේ වාස­යට ගියහ. මල­යාවේ මැක්ස්වෙල් පාස­ලෙන් හා වික්ටෝ­රියා කොලී­ජි­යෙන් ඔහු මූලික හා ද්විතීය අධ්‍යා­ප­නය ලැබු­වේය. වයස අවු­රුදු විස්සේදී නැවත ලක්බි­මට පය තැබූ ඔහු ශ්‍රී ලංකා තාක්ෂ­ණික විද්‍යා­ල­යට ඇතු­ළත්ව ඉංජි­නේරු විද්‍යාව පිළි­බඳ පළමු පන්තියේ උපා­ධි‍යක් ලැබීය.

අන­තු­රුව පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට සම්බන්ධ වූ ඔහු එහි ඉංජි­නේරු පීඨය ආරම්භ කිරී­මට මහා­චාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා සමඟ බර කරට ගත්තේය.

සිවිල් ඉංජි­නේරු විද්‍යාව හදාරා තිබුණද අනා­ගත පර­පුර වෙනු­වෙන් යාන්ත්‍රික ඉංජි­නේරු විද්‍යාව පිළි­බඳ හදාරා එම දැනුම බෙදා හරි­න්නට වුවේය. අද මෙන් අන්ත­ර්ජාල පහ­සු­කම් කිසිත් නොතිබූ යුග­යක ඉංජි­නේරු ශිෂ්‍ය­යින් සඳහා දැනුම ලබා දෙන්නට අවශ්‍ය තාක්ෂ­ණික උප­ක­රණ විදේ­ශ­ය­න්ගෙන් ගෙන්වුවා පම­ණක් නොව එම ඇතැම් උප­ක­රණ විශ්ව­වි­ද්‍යා­ලය තුළම නිප­ද­ව­න්නට විය. එය එසේ වුවද ඔහු කිසි විටෙ­කත් එහි කීර්තිය තම නමට එක්කර ගන්නට උත්සුක නොවීය. ඒ සඳහා ඇප කැප වී සේවය කළ ඉංජි­නේරු විෂය ක්ෂේත්‍ර­යෙන් ආචාර්ය උපා­ධි­යක් ලබා­ගත් ප්‍රථම ලාංකික ඉංජි­නේ­රුවා වෙමින් ලන්ඩ­නයේ ෂෙෆ්‍රිල්ඩ් විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ආචාර්ය උපා­ධිය ලබා­ග­ත්තේය. ඒ යාන්ත්‍රික තාක්ෂ­ණ­යක් සම්බන්ධ කම්ප­න­යන් (vibration) සම්බන්ධ න්‍යායක් ද ලෝක­යට දායාද කර­මිනි. ඔහු කොප­මණ තම සිසුන්ගේ අධ්‍යා­ප­නික අභි­වෘ­ද්ධිය සඳහා ඇප කැප වී සිටි­යාද යන්න යාන්ත්‍රික ඉංජි­නේරු අංශ‍යේ ඇති ආද­ර්ශක යන්ත්‍ර­ය­න්ගෙන් දැක­ගත හැකිය. එහි ඔර­ලෝ­සුවේ පටන් ගුව­න්යානා එන්ජිම දක්වා උප­ක­රණ තැන්පත් කොට ඇත්තේ ඒවායේ හරස් කඩ පවා විදහා දක්ව­මිනි.

සියල්ල අබි­බවා යන්නාවූ තවත් යමක් ඉංජි­නේරු පීඨයේ පීඨා­ධි­පති කාර්යාල අසල වැජ­ඹෙ­මින් ඇත. අද­ටද එහි යන එන ඔබට දැක­ගත හැක්කේ ජෙට් යාන­යක එන්ජි­මකි. එන්ජිම පේරා­දෙ­ණිය සර­ස­වියේ ඉංජි­නේරු පීඨ­යට පැමි­ණියේ කෙසේද යන්න ගැන අපු­ර්ව­ත්වය හා ශ්‍රේෂ්ඨ­ත්වය අත්වැල් පැටළුණු කතා­වකි. ඒ කතා­වේද කතා­නා­ය­කයා මහා­චාර්ය සෙල්ව­දු­රෙයි මහා­ලි­ංගම්ය.

එංග­ල­න්තයේ ඇව්රෝ සමා­ගම යනු ජෙට් යානා නිෂ්පා­ද­නය කරන සමා­ග­මකි. මෙම සමා­ගම නිෂ්පා­ද­නය කරනු ලබන ජෙට් යානාවන්හි එන්ජින්හි යම් දෝෂ­යක් හේතු­වෙන් එම ආය­ත­නය ප්‍රශ්න­ය­කට මුහුණ පාන්නට විය. එම ප්‍රශ්නය වූයේ ජෙට් යානා එන්ජිම තුළ ඇති වූ දෙද­රී­මකි. මේ ගැට­ලුව දරුණු ලෙස දැනෙ­න්නට ගත් විට ඇව්රෝ සමා­ගමේ බල­ධා­රීහු ලෝකයේ විද්ව­තුන් හට විවෘත ආරා­ධ­න­යක් කළහ. ඒ එම ජෙට් එන්ජින් හි ඇති­වන දෙද­රීම (කම්පන) තත්ත්ව­යට විස­ඳු­මක් ලබා දෙන ලෙසයි. ඒ ආරා­ධ­නය පිළි­ග­න්නට පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චාර්ය මහා­ලිංගම් තීර­ණය කළේය. ඔහු එදා ගත් තීර­ණය කොප­මණ වැද­ගත් තීර­ණ­යක් ද යන්න සාක්ෂාත් කර­මින් ඔහු ඇව්රෝ සමා­ගම සතුව තිබූ ගැට­ලු­වට අති සාර්ථක විස­ඳු­මක් ගෙන දෙන්නට විය. එම විස­ඳුම දුටු ඇව්රෝ සමා­ගම තම කෘත­වේ­දී­ත්වය පළ­ක­ර­මින් මහා­චාර්යවරයාගෙන් විමසුවේ ඔබට මෙම සේවය වෙන‍ු­වෙන් අවශ්‍ය මොන­වාද? යනු­වෙනි. මහා­චා­ර්ය­ව­රයා මුදල් හෝ ආය­ත­නයේ රැකි­යා­වක් හෝ බලා­පො­රොත්තු වේ යැයි ඇව්රෝ ආය­ත­නය සිත­න්නට ඇත. එහෙත් ඔවුන්ගේ සිති­විලි පුස්සක් කර­මින් මහා­චා­ර්ය­ව­රයා අපූරු ඉල්ලී­මක් කළේය.

“මට පුළු­ව­න්නම් භාවිතා නොක­රන ජෙට් එංජි­මක් ලබා දෙන්න. එය මම උගන්වන විශ්ව­වි­ද්‍යා­ලයේ සිසුන්ට බොහොම ප්‍රයෝ­ජ­න­වත් වේවි.”

ඒ පිළි­තුර ඇව්රෝ සමා­ගමේ ප්‍රධා­නින්ගේ ඇස් උඩ ඉන්ද­ව­න්නට හේතු වූවා පම­ණක් නොව මහා­චා­ර්ය­ව­රයා කෙරේ වූ පිළි­ගැ­නීම ගෞර­වය සිය­ද­හස් ගුණ­ය­කින් වර්ධ­නය කර­න්නට ද හේතු­විය.

මහා­චා­ර්ය­ව­ර­යාගේ ඉල්ලීම ඉටු­ක­ර­න්නට ඇව්රෝ සමා­ගම ක්‍රියා කළේය. මහා­චා­ර්ය­ව­ර­යාට ඇව්රෝ සමා­ග­මෙන් පිරි­නැමූ ජෙට් එන්ජිම අද­ටද පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ඉංජි­නේරු පීඨයේ විරා­ජ­මා­නව පවතී, එම ජෙට් එන්ජි­මට අභ්‍යා­ව­කා­ශ­ගත වන්නට වැඩි­දු­ර­ටත් වරම් නොලැ­බුණ ද හන්තාන අඩ­වියේ සර­සවි බිමේ ලැගුම් ගන්නට වරම් තිබිණි.

මහා­චාර්ය මහා­ලිං­ගම් යනු මානව හිතෛෂී ගුණ­ය­න්ගෙන් ආඪ්‍ය වූ ගුරු­ව­ර­යෙකි. ඔහු තන­තුරු පසු­පස හඹා නොගි­යේය. තන­තුරු ඔහු පසු­පස හඹා ආවේය. ඒ තන­තුරු ඍජු ප්‍රති­පත්ති මත හිඳි­මින් දර­න්නට නොහැකි වූ කල්හී කිලිටි වූ ඇඳු­මක් ගතින් ඉවත් කරන්නා වූ තරමේ සැහැ­ල්ලු­ව­කින් ඉන් ඉව­ත්විය.

ඔහු හමු­ව­න්නට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බියක් දක්ව­න්නට වූහ. ඒ මතු­පි­ටින් ඔහු පිළි­බඳ දැරූ ආකල්ප හේතු­වෙනි. මේ නිසාම ඇතැම් විටක තම හිත­වත් ගුරු­වරුන් අමතා ඔහු ඇස‍ුවේ “ඇයි මේ ළමයි තමන්ට අහන්න කියන දේවල් අහ­ගන්න, ඉග­න­ගන්න එන්නෙ නැත්තෙ” යනු­වෙනි.

අසූව දශ­කයේ ඇතිවූ සිංහල දෙමළ ගැටුම් යුග­යේදී පේරා­දෙණි සර­ස­වියේ විසූ දෙමළ ජාතික අධ්‍ය­යන අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩ­ල­ ආරක්ෂා කිරීම සඳහා විජේ­ව­ර්ධන ශාලාවේ සඟවා තබ­න්නට විය. මේ යුග­යේදි ඔහු උන්නේ මහත් කන­ගා­ටු­ව­කින් වුවත්, කිසි­වි­ටෙක එය හේතු­වක් කොට­ගෙන මෙරට හැර­ය­න්නට ඔහු නොසි­තු­වේය. මින් පසු බොහෝ විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­රුන් ප්‍රමා­ණ­යක් ඇතුළු විවිධ වෘත්ති­ක­යන් මෙරට හැර ගොස් තිබිණි. මහා­චාර්ය මහා­ලිං­ගම් හටද ඕනෑම රට­කට ඉතා පහ­සු­වෙන් යාමට ඉඩ­ක­ඩද විය.

උපන් බිම වූ යාප­න­යෙන් පිට පේරා­දෙ­ණි­යට පැමිණි මහා­චා­ර්ය­ව­රයා පේ‍රාදෙ­ණි­යට කොප­මණ පෙම් බැන්දා ද යත් විශ්‍රාම ගිය පසුත් කුලී නි‌ෙව­ස­කට වී තම බිරිය සමඟ පේරා­දෙ­ණි­යේම වාසය කර­න්නට විය. කිසි­වකු හෝ “යාප­න­යට යන්නේ­දැයි” ඇසූ කළ “මම කොහෙ යන්නද? මේ මගේ ගෙදර” යනු­වෙන් පිළි­තුරු දුනි.

කාල­යාගේ ඇවෑ­මෙන් ඔහුගේ බිරිය වූ දෙවකීගේ මර­ණය සිදු­විය. ඉන් අන­තු­රුව යාප­නයේ වුන් නෑදෑ­යින් ඔහු යාප­න­යට රැගෙන ගොස් රැක­බලා ගන්නට විය.

යාපන පොළොවේ උපන් ඒ මහා විද්වතා යාප­න­යට හෝ ලංකා­වට පම­ණක් සින්න නොවූ විශ්වීය උග­තෙක් විය. හිස් මිනි­සකු හෝ රටට උපන් බිමට ණය ඇති මිනි­සකු නොවූ ඔහු මේ බිමේ සාඩ­ම්බර පුතෙක් විය. අව­සන අවු­රුදු අනූවේ සැත­පුම් කණුව පෙනි පෙනී අවු­රුදු අසූ­න­ම­යක් ආයු විඳ 2015 නොවැ­ම්බර් 03 වැනිදා මෙලොව හැර ගියේය.

ඒ මහා ප්‍රඥ­යාගේ නික්ම යෑමෙන් පසු විදෙස් ගතව උන් හා මෙරට විසූ ඔහුගේ සහෝ­ද­ර­යින් එක­තුව පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට පැමිණ මහා­ලිං­ගම් පද­නම හරහා කළ යුතු යමක් වේදැයි විමසා මහා­චා­ර්ය­ව­රයා නමින් “මහා­ලිං­ගම් ශිෂ්‍ය­ත්වය” ඇති කළේය. ඊට අම­ත­රව ඔහු උපන් බිමට සිදු­ක­රන ගෞර­වය වෙනු­වෙන් යාප­නය විශ්ව­වි­ද්‍යා­ල­යට ද “මහා­ලිං­ගම් ශිෂ්‍යත්ව” ලබා­දෙ­න්නට විය.

දැනුමේ, කැප­වීමේ, ගුණ මහි­මය අදට ද පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ යාන්ත්‍රික ඉංජි­නේරු අංශය දකින කල යළි යළිත් මත­ක­යට නැගෙනු ඇත. ඒ යන්ත්‍ර අසල තබා ඇති ඔහුගේ සේයා­රුව ඔහු ගුරු­ව­ර­යකු නොව ගුරු දේව­තා­වකු යැයි එදා මෙදා සිටි ශිෂ්‍ය පර­ම්ප­රා­වට ඒත්තු ගන්වනු ඇත.

(ස්තුතිය; ආචාර්ය අසේල කුල­තුංග, ආචාර්ය සරත් සෙනෙ­වි­රත්න හා කථි­කා­චාර්ය ප්‍රිය­ද­ර්ශනි ප්‍රේම­රත්න හට)

සඳ­රැසී සුදු­සිංහ



from silumina sithmalyaya

No comments:

Post a Comment

Post Bottom Ad

Pages