මැණික් ගල් කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-12

මැණික් ගල් කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා වටිනා මැණික් ගල් කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
 
උතුරු කළුතර සංචාරක හෝටලයක් තුළදී මෙම මැණික් ගල් තොගය පැහැර ගැනුණේ පසුගිය 25 වනදාය. අලෙවි කිරීම සදහා රැගෙනවිත් තිබියදී මෙම මැණික් ගල් කොල්ල කා තිබුණි.
 
ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ පොලීසිය සැකකරුවන් හතර දෙනෙකු සහ විදේශ ජාතික සැකකාරියක මීගමුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔවුන් 34, 36, 39 සහ 43 යන වයස්වල පසුවන මතුගම, අංගොඩ සහ අගලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. මෙහිදී වයස අවුරුදු 43ක් වූ සැකකාරිය මොන්ගෝලියානු ජාතික කාන්තාවකි. 
 
කොල්ල කෑ මැණික් ගල් තුන සහ ඒ සදහා යොදා ගත් ජීප් රථය පොලිස් භාරයට ගෙන ඇත.
 
මෙම සැකකාරිය සහ සැකකරුවන් අද(12) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages