නවසීලන්තයේ වෙඩි තැබීමකින් බංග්ලාදේශ පිල යන්තමින් ගැලවෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

නවසීලන්තයේ වෙඩි තැබීමකින් බංග්ලාදේශ පිල යන්තමින් ගැලවෙයි

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවි ගලවාගෙන ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයකු වන ජලාල් යූනුස් මහතා කීවේ සිකුරාදා යාඥාව සඳහා බංග්ලාදේශ ක්‍රීඩකයන් දේවස්ථානය ඇතුළට යාමට සූදානම් වීමත් සමගම වෙඩි තැබීම සිදුවූ බවයි.

“ඔවුන්ට හානියක් නෑ. ඒත් ඔවුන් මානසිකව මහත් කම්පනයට පත්වෙලයි ඉන්නේ. විශ්වාසයෙන් යුතුව තමන් නැවතී සිටින හෝටලයට වෙලා ඉන්න කියලා අපි ඔවුන්ට කිව්වා” යයි ජලාල් යූනුස් මහතා ප්‍රංශ පුවත් සේවයට පැවසීය.

“වෙඩි තැබීමේදී කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් බේරුණා. ඒත් හරිම භයංකාර අත්දැකීමක්. කරුණාකර ඔබ යාඥා කරද්දී අපවත් සිහිකරන්න” යයි බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයක් තබා තිබිණ.

(මෙම වාර්තාව ඉතා ඉක්මණින් යාවත්කාලීන වනු ඇත)


No comments:

Post a Comment

Post Bottom Ad

Pages