වෙඩි ප්‍රහාරයකින් ආමි මංජු මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

වෙඩි ප්‍රහාරයකින් ආමි මංජු මරුට

මොරටුමුල්ල කොස්පැලෑනේ දී ඊයේ (14) එල්ලවුණු වෙඩි ප්‍රහාරයකින් ආමි මංජු නැමැත්තා සමඟ තවත් අයකු මියගොස් තිබේ. අධිකරණයේ විභාගවන නඩුවකට පෙනී සිට නිවස බලා යමින් සිටිය දී මේ වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත. මේ ප්‍රහාරයෙන් තවත් අයෙක් තුවාල ලබා ඇත.

දුමින්ද ඉරෝෂණ (47) නොහොත් ආමි මංජු නැමැත්තා සහ චින්තක සදරුවන් (20) යන දෙදෙනා මෙසේ මිය ගොස් ඇත. රමේෂ් විජයන්ත (23) තුවාල ලබා ඇති අතර ඔහු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ගනී. මෙසේ තුවාල ලබා සිටින්නේ ආමි මංජු නැමැත්තාගේ පුතාය. මිය ගිය අනෙත් තැනැත්තා ආමි මංජුගේ පුතාගේ මිතුරෙක් බව පොලීසිය කියයි. ඔහු ඇල්පිටිය ඌරුබොක්කේ පදිංචිකරුවෙකි. ආමි මංජු නමැත්තාට එරෙහිව කොල්ලකෑම් ඇතුළු අපරාධ චෝදනා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages