මොරටුමුල්ලේ වෙඩි තැබීමක් - දෙදෙනෙක් මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-14

මොරටුමුල්ලේ වෙඩි තැබීමක් - දෙදෙනෙක් මරුට

මොරටුමුල්ල පොලිස් වසමේ මොරටුමුල්ල - පිළියන්දල මාර්ගයේ සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන ලද්දේ අද(14) උදෑසන 10.30 පමණ නිවසක් ඉදිරිපිට සිටි තිදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවය. 
 
වෙඩි තැබීමෙන් එම නිවස ඉදිරිපිට මාර්ගයේ සිටි බස් රථ හිමිකරුවෙකු සහ ඔහුගේ පුතාගේ මිතුරෙකු මියගොස් ඇත. බස් රථ හිමිකරුගේ පුතා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
 
මෙම වෙඩි තැබීම පුද්ගලික ආරවුලක් මත සිදුව ඇති බවට අනාවරණය වී ඇත.
 
වෙඩි තැබීමට පැමිණි එක් පුද්ගලයෙකු හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුමුල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages