ත්‍රිපිටකාභිවන්දනා සතිය අද ඇරැඹේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

ත්‍රිපිටකාභිවන්දනා සතිය අද ඇරැඹේ

චන්ද්‍රිකා පෙරේරා

රාජ්‍ය අනුග්‍රහයෙන් දීප ව්‍යාප්තව පැවැත්වෙන ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය අද (16) ආරම්භ කෙරේ.

එහි අවසන් ජාතික මහෝත්සවය ලබන 23 දා ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගා මහමළුවේ දී පැවත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ භික්ෂු පරපුර වසර දෙදහස් පන්සියයක සිට ආරක්ෂා කළ බුදුන් වදාළ සත්‍ය, නිර්මල, ථෙරවාදී ධර්මය ඒ අයුරින්ම ලියැවී ඇති අට්ඨකථා ටීකා ටිප්පනි සහිත ත්‍රිපිටකය ඉකුත් දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික උරුමයක් ලෙස ගැසට් කර ප්‍රකාශයට පත් කරන ලදී.

මනස සුවපත් කිරීමට සියලු මනුෂ්‍යාටම උපාකාර වන ත්‍රිපිටකය‍ ලෝක උරුමයක් බවට පත් කර ආරක්ෂා කිරීම සඳහා ඉදිරපත් වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා මහජනතාවගේ සහාය ලබා ගැනීමට ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය මෙසේ ක්‍රියාවට නංවා තිබේ.

සියලු සත්ත්වයාගේ විමුක්තිය උදෙසා දේශිත ශ්‍රී සද්ධර්මය එක් ආගමකට හෝ ජාතිකයට පමණක් අයත් නැති අතර, එම ධර්මය මිනිසාගේ සියලු ගැටලු විසඳා ගැනීම සඳහා විශ්වීය වශයෙන් සුරක්ෂිත කිරීම මේ කාර්යයේ අරමුණ වේ.

ඒ අනුව අද ආරම්භ වන ත්‍රිපිටකාභිවන්දනා සතියේ දී අද දින ප්‍රාදේශීය මංමාවත් මූලික කර ගනිමින් ධජ පතාකවලින් සැරසීම හා සතිය පුරා දීප ව්‍යාප්තව පොලිස් වසම් මූලික කර ගනිමින් පිණ්ඩපාත දානමය පින්කම් පැවැත්වීම, හෙට (17) සිට 23 දක්වා සවස හයට සියලු විහාරස්ථානවල ශබ්ද පූජා පැවැත්වීම,

එම සතිය පුරා දහම් පාසල් වැඩසටහන්, දහම්පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම්, පාසල් හා පිරිවෙන් මූලික කර ගනිමින් හා රාජ්‍ය නොවන සංවිධාන, මගින් ක්‍රියාත්මක කටයුතු, ජනපති සඳහම් යාත්‍රා පොහෝ දින වැඩසටහන් ආදී කටයුතු රැසක් අද සිට ලබන 23 දක්වා සතිය පුරා සිදු කිරීමට කටයුතු කෙරේ.

මීට අමතරව විදේශයන්හි ඇති විහාරස්ථානවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මකය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් හා පළාත් පාලන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හා සියලුම ආණ්ඩුකාර කාර්යාල මෙයට උර දී සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages