SLFP, SLPP එකඟතාවකට ආ පසු නව ජාතික සන්ධානයකට සාකච්ඡා අරඹනවා – දිනේෂ් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

SLFP, SLPP එකඟතාවකට ආ පසු නව ජාතික සන්ධානයකට සාකච්ඡා අරඹනවා – දිනේෂ්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් ඇතිවීමෙන් අනතුරුව ඔවුන් සමඟ පුළුල් නව ජාතික සන්ධානයක් ගොඩනැංවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන සෙසු දේශපාලන පක්ෂ සමග සකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මෙම පක්ෂ දෙක අතර එකඟතාවක් ඇතිවීමෙන් අනතුරුව මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රාජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු දේශපාලන
පක්ෂ රැසක් නව පුළුල් ජාතික සන්ධානය ගොඩනැංවීමේ සාකච්ඡ ආරම්භ කිරීමට සූදානමින් සිටින බවත් තවත් විවිධ සංවිධාන ඇතුළු අණ්ඩු විරෝධී බලවේග රැසක් මෙම පුළුල් සන්ධානය සමග එක්වීමට කැමැත්තෙන් සිටින බවත් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages