‘‘දෙමුහුන් අධිකරණ පිහිටුවන්න පෙර මන්නාරම සමූහ මිනී වළේ වාර්තා ගැනත් සොයා බලන්න..!‘‘ – ජාතික සමතා බලවේගයෙන් මානව හිමිකම් කොමසාරිස් වරියට අභියෝගයක් (Video) - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-12

‘‘දෙමුහුන් අධිකරණ පිහිටුවන්න පෙර මන්නාරම සමූහ මිනී වළේ වාර්තා ගැනත් සොයා බලන්න..!‘‘ – ජාතික සමතා බලවේගයෙන් මානව හිමිකම් කොමසාරිස් වරියට අභියෝගයක් (Video)

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කතා කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරියට 30 වසරක යුද සමයේ පමණක් නොව පෘතුගීසි ලන්දේසි පාලන සමයේ සිදුව ඇති මානව හිමිකම් උල්ලංඝණය වීම් ගැනද සොයා බැලීමට අවස්ථාව උදා වී ඇති බව සමාජ කියාකාරිනී අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.

අද (12) පෙරවරුවේ ජාතික සමතා බලවේගය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

මෑත කාලීනව අහම්බෙන් සොයා ගැනුණු මන්නාරම සමූහ මිනී වළ පිළිබද කැනීම් සිදුකරන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ නියෝජිතයන්ගේද සහභාගීත්වයෙන් සිදු කෙරුණු බවත් මානව හිකම් ගැන කතා කරන කොමසාරිස්වරියට යුද අපරාධ පිළිබද දෙමුහුන් අධිකරණ පිහිටුවීමට පෙර මේ පිළිබදවද සොයා බැලිය යුතුව ඇතැයි වැඩිදුරටත් ඇය අවධාරණය කර සිටියාය.

ඇමරිකානු රසායනාගාරයේ කාබන් වාර්තාව හෙළිදරව් වීමට පෙර හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා ඇතුළු පාර්ශ්ව පහක්‌ මන්නාරම සමූහ මිනීවළෙන් හමුවූ සිරුරු 300 ක්‌ සහ ළමා සිරුරු 23 ක්‌ හමුදාව විසින් ඝාතනය කළ ද්‍රවිඩ ජනතාවගේ බවට වාර්තාවක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙල් බැචලට්‌ වෙත ඉදිරිපත් කර තිබු බවට වාර්තා පළ විය.

මෙම මිනීවල වීඩියෝ ගත කළ බ්‍රිතාන්‍ය චැනල් 4 රූපවාහිනියේ ජොනතන් මිලර් ද මිනී වළෙන් හමුවූ අස්‌ථි කොටස්‌ පිළිබඳව ශ්‍රී ලංකා හමුදාවට චෝදනා එල්ල කර තිබිණි.

මේ හැර මුලතිව් අතුරුදන්වූවන්ගේ සංවිධානයේ නායිකා ලීලාදේවි නමැත්තිය ද මානව හිමිකම් කොමසාරිස්‌වරිය හමුවේ පැමිණිල්ලක්‌ කරමින් මන්නාරම මිනීවළෙන් හමුවූ ළමා අස්‌ථි කොටස්‌ හමුදාවට භාර දුන් ළමුන්ගේ බවට ද ඔවුන් සදහන් කර තිබුණි.

මෙම මාධ්‍ය හමුවට පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු ජාතික සමතා බලවේගයේ නියෝජිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages