රනිල් මීළඟ ජනාධිපති වෙන්න හීන දකිනවා.. රාජපක්ෂවරයෙක් රනිල්ට පොරොන්දුවක් වෙලා.. – සරත් විජේසූරිය (Video) - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

රනිල් මීළඟ ජනාධිපති වෙන්න හීන දකිනවා.. රාජපක්ෂවරයෙක් රනිල්ට පොරොන්දුවක් වෙලා.. – සරත් විජේසූරිය (Video)

රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය අතර එකගතාවයෙන් පුළුල් සන්ධානයක් ගොඩ නැගීම දිනෙන් දින කල් යාමෙන් එහි බෙදීමක් ඇතිවේයැයි සිතා ඉන් වාසි ලබාගෙන මීළඟ ජනාධිපතිවරයා වීමට රනිල් වික්‍රමසිංහ මහතා ගල් ඉබ්බෙක් මෙන් ගණන් බලන බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූ පසු තමනට ජය ලැබෙන්නේ යැයි වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේදී සිහිනයක් දකිමින් සිටින බවද ඔහු කියා සිටී.

ඇතැම්විට රාජපක්ෂවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා ලබාදී ඇතැයි ද තමන් උපකල්පනය කරන බවද මහාචාර්යවරයා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති වුවහොත් මෙම ධුරය කෙතරම් දුෂ්ට පදවියක්දැයි තේරුම් ගත හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර රහසිගත හමුවක් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකු ගේ නිවසේ දී පවත්වා ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ විය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages