ගෝඨාභය ජනපති අපේක්ෂක කරන ලෙස මහ සගරුවන මහින්දගෙන් ඉල්ලයි (Video) - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-17

ගෝඨාභය ජනපති අපේක්ෂක කරන ලෙස මහ සගරුවන මහින්දගෙන් ඉල්ලයි (Video)

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලෙස වන යෝජනාවක් වයඹ පළාත් අධිකරණ සංඝනායක පුජ්‍ය රැකව ජිනරතන හිමි ප්‍රමුඛ පළාතේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර තිබේ.

වයඹ පළාත් හිටපු අමාත්‍ය ඩි.බි.හේරත් මහතාගේ නිවසේ පැවති දානමය පිංකමක් අතර තුර පුජ්‍ය රැකව ජිනරතන හිමි විසින් මෙම යෝජනාව මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

එම දානමය පිංකම සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී වී සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages