මත්පෙති හා අයිස් සමඟින් නීතිඥවරයෙක් ඇතුළු 03ක් දැලේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-17

මත්පෙති හා අයිස් සමඟින් නීතිඥවරයෙක් ඇතුළු 03ක් දැලේ

මත්පෙති සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ නීතිඥවරයෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අද(17) අළුයම කොල්ලුපිටිය පොලිස් වසමේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 
 
කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
 
මෙහිදී වයස අවුරුදු 33 ක් වු අබ්දුල් හමීද් පස්ලින් නැමති පුද්ගලයා මත් පෙති 4ක් සමඟ අත්අඩංගුවට පත්ව ඇත.
 
එසේම වයස අවුරුදු 38 ක් වු අබ්දුල් කරීම් මොහොමද් අස්නි නැමති පුත්තලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 430 ක් සමඟ හා මොහොමඩ් ඉක්බාල් ක්‍රිෂ්නෙයි ආයිස් නැමති වයස අවුරුදු 38 ක් වු පුත්තලම ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 110 ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට පත්ව තිබේ.
 
සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
 
කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages