මිරිදිය මසුන් 100000ක් ඉරණමඩු ජලාශය වෙත මුදාහැරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-13

මිරිදිය මසුන් 100000ක් ඉරණමඩු ජලාශය වෙත මුදාහැරේ

ආරක්ෂක සේනා මූලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත 57 වන සේනාංකයේ මග පෙන්වීමෙන් 573 වන බළසේනාවේ බළසේනාධිපති ජනක රණසිංහගේ අධීක්ෂණය යටතේ 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ඉරණමඩු ජලාශය වෙත මිරිදිය මසුන් මුදාහැරීමේ වැඩසටහනක් 2019 අප්‍රේල් මස 11 වන දින ආරම්භ කරන ලදී.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ඉරණමඩු ජලාශයේ ජලය පිටාර ගැලීමෙන් ජලාශයේ සිටි මත්ස්‍යයින් විශාල වශයෙන් අඩු වී ඇති බැවින් ඉරණමඩු ධීවර සමිතිය විසින් කිලිනොච්චි යුද හමුදාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව 57 වන සේනාංකය විසින් ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහයෝගය ඇතිව මිරිදිය මසුන් 100000ක් ඉරණමඩු ජලාශය වෙත මුදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

එහි පළමු අදියර ලෙස එම ආයතනයේ සභාපති එස්.එම්.එම්.පී. සමරකෝන් මහතාගේ සහයෝගයෙන් 2019 අප්‍රේල් මස 11 වන දින ඉරණමඩු ජලාශය වෙත මිරිදිය මසුන් 50000ක් මුදාහැරීම සිදු කළ අතර එහි දෙවන අදියර වශයෙන් මෙම මස 20 වන දින තවත් මිරිදිය මසුන් 50000ක් මුදාහැරීමට නියමිතව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages