වසර 12 කට පසු SPC සේවකයින්ට බෝනස් දීමනා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-17

වසර 12 කට පසු SPC සේවකයින්ට බෝනස් දීමනා

2006 වසරින් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන් සදහා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මාස 03 ක බෝනස් දීමනාවක් මෙවර ලබාදීමට පියවර ගත් බව එහි සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා පවසයි.
 
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තමන්ගෙන් කළ ඉල්ලීමකට අනුව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය යටතේ මෙම බෝනස් දීමනාව ලබාදීමට පියවර ගත් බව සභාපතිවරයා කියා සිටියේය.
 
බෝනස් දීමනාවක් ලබාදීම සදහා සංස්ථාවේ ආදායම 125% කින් වැඩිවී තිබිය යුතුය. මේ වනවිට සංස්ථාවේ ආදායම 130 %කින් වැඩි වී ඇත. සංස්ථාවේ සේවක සේවිකාවන් 1050 ක් සේවය කරන අතර, ඔවුන්ට බෝනස් දීමනා ලබාදීම සදහා වැය කළ මුදල රුපියල් මිලියන 150 කි.
 
2017 වසරේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත සේවක සේවිකාවන්ට 50% ක වැටුප් වර්ධකයක් ද ලබාදෙන ලදි. මෙම වැඩපිළිවෙලට සහ බෝනස් ලබාදීම සම්බන්ධයෙන් සංස්ථාවේ වෘත්තීය සමිති ප්‍රසාදය පළ කරන බව සභාපතිවරයා ප්‍රකාශ කරයි. මේ අතර, කෙටි කාලින හා මධ්‍යකාලීන වැඩපිළිවෙළක් යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ශාඛා ජාලය පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.
 
මේ වන විට පවතින ඔසුසල ශාඛා සංඛ්‍යාව 43 කි. ඉදිරි දිනවල දී බදුල්ල, මතුගම,අම්බලන්ගොඩ, දර්ගා නගරය යන ප්‍රදේශවල ඔසුසල් ශාඛා විවෘත කිරිමට කටයුතු යොදා ඇත. 2019 වසරේ සංස්ථාවේ ලාභය මිලියන 2000 ඉක්මවීම තම අරමුණ බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages