ලබන 15දා තෙක් හිරු ශ්‍රී ලංකාවට ඉහළින් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-13

ලබන 15දා තෙක් හිරු ශ්‍රී ලංකාවට ඉහළින්

උදුලා පීරිස්

අද දින (13) දහවල් 12.10ට තිරුකේශ්වරම්, පලයිමොඩ්ඩායි, මාලිකායි, පරාක්‍රමපුර, කැල්ලරව යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේ දී අප්‍රේල් මස 5 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවද එම දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකියැයි කියන එම දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි යැයිද කියයි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

ගත වූ වසර 30ක කාලයේ මෙරට උෂ්ණත්වයේ සාමාන්‍ය අගයට වඩා මේ දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ත් 3 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර උතුරුමැද හා වයඹ පළාත්වලටත්, හම්බන්තොට, මොණරාගල, ගම්පහ, ත්‍රිකුණාමලය, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලටත් අද දැඩි උණුසුම් කාලගුණයක් පවතින බැවින් එම දිස්ත්‍රික්කවල ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම මෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයෙන් පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages