හිසතෙල් ගෑමේ මහෝත්සවය ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් 17දා බෝම්බුවලදී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

හිසතෙල් ගෑමේ මහෝත්සවය ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් 17දා බෝම්බුවලදී

සන්ධ්‍යා කරුණාරත්න

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වේ.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උත්සවය සංවිධානය කෙරේ.

මෙම මස 17 වැනිදා පෙරවරු 7.40 ට හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වෙන අතර විහාරාධිපති කළුතර රත්නපුර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්සජී හිමියෝ ආගමික වතාවත් සිදු කරති.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages