දිස්ත්‍රික්ක 19කට වියලි කාලගුණයෙන් බලපෑම් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

දිස්ත්‍රික්ක 19කට වියලි කාලගුණයෙන් බලපෑම්

වියලි කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 19 ක පුද්ගලයින් 548905 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ බවයි.

ඉන් පුද්ගලයින් 2 44065ක් පීඩිවට පත්ව ඇති අතර දිස්ත්‍රික්කයේ ජල මුලාශ්‍රවලට ලවණ ජලය මුසුවීමෙන් ඉන් බහුතරයක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මීට අමතරව කෑගල්ල, පුත්තලම, කුරුණෑගල ,යාපනය , මාතලේ , මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව වියලි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages