මාලදිවයින රඳවාගෙන සිටි ධීවරයන් 21ක් මවුබිමට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

මාලදිවයින රඳවාගෙන සිටි ධීවරයන් 21ක් මවුබිමට

මාලදිවයිනේ රඳවාගෙන සිට නිදහස් කරගත් ශ්‍රී ලංකික ධීවරයන් 21 දෙනා ඊයේ (11) මෙරටට පැමිණෙන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් බලධාරීන් සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ධීවරයන් පිරිස යළි ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීමට හැකි වූ බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය .

විදේශ රටවල රඳවාගෙන සිටින ශ්‍රී ලංකික ධීවරයන් උදාවන සිංහල අලුත් අවුරුද්දට පෙර යළි සිය රට ගෙන්වාගැනීමේ කඩිනම් වැඩපිළිවළ යටතේ මෙම ධීවරයන් මාලදිවයින බලධාරීන්ගේ අත්අඩංගුවෙන් නිදහස් කර ගනිමින් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වූ බව දිලිප් වෙදආරච්චිසමතා පැවසීය .

මාලදිවයින බලධාරීන්ගේ අත්අඩංගුවෙන් නිදහස් කරගත් මෙම ධීවරයන් 21දෙනා යළි ගෙන්වාගැනීම සඳහා ගුවන් ටිකට්පත් , ආහාර සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 16ක මුදලක් ධීවර දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට ද කටයුතු කර තිබුණි .

මාලදිවයින් අත් අඩංගුවේ පසුවන ලාංකික ධීවරයන් නිදහස් කරගැනීමට අවශ්‍ය සියලු කටයුතු කරන බව රාජ්‍ය අැමැතිවරයා බහුදින ධීවර යාත්‍රා හිමියන්ට පසුගිය මස 13 දින සහතිකයක් ලබා දී තිබුණි . මෙම ධීවරයන් නිදහස් කරගැනීම පිළිබඳව බහුදින ධීවර යාත්‍රා හිමියන් සමඟ පැවැති එම සාකච්ඡාවේ දී දිලිප් වෙදආරච්චි මහතා සහතික කර ප්‍රකාශ කළේ කෙසේ හෝ සති කිහිපයකින් එම ධීවරයන් යළි ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරන බවය. එම පොරොන්දුව පරිදි මෙම ධීවරයන් යළි කඩිනමින් ගෙන්වා ගැනීමට හැකිවීම සතුටට කරුණක් බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය .

No comments:

Post a Comment

Post Bottom Ad

Pages