චන්ද්‍රිෂාන්ට අරමුදල් රැස් කිරීමේ තරගයෙන් පිට පළාත් කණ්ඩායමට 24-12ක ජයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

චන්ද්‍රිෂාන්ට අරමුදල් රැස් කිරීමේ තරගයෙන් පිට පළාත් කණ්ඩායමට 24-12ක ජයක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

පාකින්සන් රෝගයට ගොදුරුවී සිටින ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිටියේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයකු වූ චන්ද්‍රිෂාන් පෙරේරා මහතාට වෛද්‍ය පහසුකම් ලබාගැනීම සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් පැවැති කොළඹ සහ පිටපළාත් කණ්ඩායම් අතර රග්බි තරගයෙන් ලකුණු 24-12ක ජයක් වාර්තා කිරීමට පිටපළාත් කණ්ඩායම සමත්විය. හැව්ලොක්ස් පිටියේ විදුලි ආලෝකධාරා මැද පසුගියදා මේ තරගය පැවැත්වූයේ ලබන මස මැලේසියාවේ පැවත්වෙන ආසියානු ෆයිව් නේෂන්ස් 15 සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමේ තරගයක් ලෙසිනි.

පළමු භාගය නිමාවනවිට ලකුණු 19-0කින් පෙරමුණ ගත් පිටපළාත් කණ්ඩායම තරගය නිමා කළේ ගෝල් දෙකක් සහ උත්සාහක දිනුම් දෙකක් සමගිනි. කොළඹ කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ උත්සාහක දිනුමක් පමණි.

පිට පළාත් කණ්ඩායම වෙනුවෙන් රීසා රෆායිඩීන්, රොෂාන් විරරත්න, කවිඳු පෙරේරා සහ පරාක්‍රම රත්නායක උත්සාහක දිනුම් වාර්තා කළ අතර සැමුවෙල් මධුවන්ත සහ තිළිණ විජේසිංහ උත්සාහක දිනුම බැගින් ගෝල බවට පත් කළහ. ප්‍රසාන්ත් මධුෂ්ක සහ සචිත් සිල්වා කොළඹ පළාත් කණ්ඩාය වෙනුවෙන් උත්සාහක දිනුම් තැබූ අතර රීසා මුබාරක් එක් උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා රග්බි ආයතන සංවිධායකත්වයෙන් සහ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ තරගයට චන්ද්‍රිෂාන් පෙරේරා මහතා රෝද පුටුවක ආධාරයෙන් පැමිණ සිටි අතර කණ්ඩායම් පිළිගැනීමට ද එක්විය. චන්ද්‍රිෂාන් පෙරේරා වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ සද්කාර්ය සඳහා එවකට ඔහු යටතේ ශාරිරික යෝග්‍යතා පුහුණුව ලැබූ 1996 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන රොෂාන් මහනාම, අරවින්ද ද සිල්වා, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ ඇතුළු ක්‍රීඩකයන් රැසක් ද මේ අවස්ථාවට එක්වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ලසිත ගුණරත්න, නියෝජ්‍ය සභාපති රිස්ලි ඉල්යාස්, උපසභාපති නසීම් මොහොමඩ් ඇතුළු සෙසු නිලධාරීන් සමග ඩයලොග් ආසියාටා සමාගමේ සන්නාම සහ මාධ්‍ය සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක මහත්වරු ද එක්වී සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages