හෙරොයින් ළඟ තබාගත් ඉන්දියාවෙන් වසර 30ක සිර දඬුවමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

හෙරොයින් ළඟ තබාගත් ඉන්දියාවෙන් වසර 30ක සිර දඬුවමක්

Author(s): 
මහින්ද අලුත්ගෙදර

හෙරොයින් කිලෝග්‍රෑම් 1.4ක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලාංකිකයකුට ඉන්දීය අධිකරණයක් 30 වසරක සිර දඬුවමක් නියමකර තිබේ.

ඒ අනුව බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත්තේ 52 හැවිරිදි එම්. අශෝක් කුමාර් නැමැති ශ්‍රීලාංකිකයකුට බව වාර්තා වෙයි.

අශෝක් කුමාර් නැමැත්තා සතු බැංකු සේප්පුවක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1.4ක් හමුවී ඇති අතර ඒ වනවිටත් ඔහු වසර 10ක් සිර දඬුවම් විඳිමින් සිට ඇත්තේ ඊට පෙර ද හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට වරදකරුවීම හේතුවෙනි.

ඉන්දියාවේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 2009 වසරේ ජනවාරි මස 23වෙනි දා අශෝක් කුමාර් අත්අඩංගුවට ගෙන ඇත්තේ කාංචිපුරම් ප්‍රදේශයේ තිබී 2002 වසරේ දී සොයා ගනු ලැබූ හෙරොයින් කිලෝග්‍රෑම් 48 ක් සම්බන්ධ විමර්ශනයකට අවශ්‍යව සිටි සැකකරුවෙක් වීම හේතුවෙන් වන අතර එම චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරට අධිකරණයක් මඟින් 11 වසරක සිර දඬුවමක් පනවා තිබුණි. මේ වනවිට ඔහු එම දඬුවමින් වසර 10ක කාලයක් ගෙවා අවසන් කර තිබෙන බවද එම වාර්තා සදහන් කරයි.

කෙසේ වුවත් අශෝක් කුමාර් සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශනය සිදුකළ ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ඔහුට අයත් බැංකු සේප්පුවක තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 1.4ක් 2009 වසරේ පෙබරවාරි මාසයේ දී සොයා ගැනීමට හැකිවී තිබේ.

ඒ සම්බන්ධයෙන් වන නඩු විභාගයේ තීන්දුව එරට අධිකරණය ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර එහිදී ඔහුට තවත් 30 වසරක සිර දඬුවමක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ තුනක දඩයක් ද නියමකර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages