වසර 3කට පසු හොකී නිලවරණයේ ජය සුමිත් එදිරිසිංහ පාර්ශ්වයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

වසර 3කට පසු හොකී නිලවරණයේ ජය සුමිත් එදිරිසිංහ පාර්ශ්වයට

ප්‍රින්ස් ගුණසේකර

වසර 3කට පසුව පැවැති ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණයෙන් හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ පාර්ශ්වය ජය ලබයි. ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ පැවැති හොකී නිලවරණයෙන් නව සභාපති ලෙස පෙරුමාල් විශ්වනාදන් මහතා ඡන්ද 26ක් ලබා තේරීපත්වූ අතර ලේකම් තනතුරට ඡන්ද 26ක් ලබාගත් සුමිත් එදිරිසිංහ මහතා පත්විය.

සාමාජික සංගම් 15කට ඡන්ද බලය හිමිව තිබූ හොකී නිලවරණයට විරෝධය පා වෙළෙඳ සේවා, කොළඹ, මහනුවර හා යාපනය යන දිස්ත්‍රික් සංගම් නියෝජිතයෝ ඉවතට ගිය අතර විශ්වවිද්‍යාල හා මාතලේ දිස්ත්‍රික් සංගම් නියෝජනය කළ නියෝජිතයෝ දෙදෙනා බැගින් ඉවතට ගිය අතර එක් අයෙකු බැගින් ඡන්දය භාවිතා කර තිබිණි. ජයග්‍රාහී පාර්ශ්වයට සහයෝගය පළකරමින් ජනසතු සේවා, රාජ්‍ය සේවා, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, ගම්පහ හා වෙන්නප්පුව යන දිස්ත්‍රික් සංගම් ඡන්දය භාවිතා කළහ.

නිලවරණ කමිටු සාමාජිකයන් ලෙස හිටපු ක්‍රිඩා අමාත්‍යාංශ ලේකම්වරු වන එස්. විරිතමුල්ල, එස්. ලියනගමගේ, නදීකා දමයන්ති හා ආර්. බී. වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් කටයුතු කළ අතර නිලවරණය පැවැත්වීමට එරෙහිව පිටත්ව ගිය පාර්ශ්වයක් විරෝධතාවක් ද භාරදී ඇත. 2015 වසරේ සිට පැවැත්වීමට නොහැකි වූ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තෆා මහතා හොකී සම්මේලනයේ අර්බුදකාරී පාර්ශ්ව සමග සාකච්ඡා පවත්වා නිලවරණය පැවැත්වීමට නියෝග ලබාදී තිබිණි. නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොණු කොට තිබූ නඩුව එකඟතාවයකට පත්කර ගැනීමට නඩුව ගොණුකර තිබූ පාර්ශ්ව කැමැත්ත ලබාදීමෙන් නිලවරණය පැවැත්වීමේ බාධා ඉවත්විය.

ශ්‍රී ලංකා හොකී සම්මේලනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම සඳහා නිලවරණයක් කැඳවීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන තිබූ තීරණයට එරෙහිව හොකී සංගම් කිහිපයක් ගොනු කළ රිට් පෙත්සමක් හේතුවෙන් නඩුව ගොණුවී තිබිණි. නිලවරණයක් කැඳවීම නීති විරෝධී යැයි පවසමින් රාජ්‍ය සේවා හොකී සංගමය, කළුතර හොකී සංගමය, ගම්පහ හොකී සංගමය ඇතුළු හොකී සංගම් කිහිපයක් ගොනු කර තිබූ මේ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කොට තිබිණි.

හොකී සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට නොහැකි වීමෙන් වසර 3කට ආසන්න කාලයක් මෙරට හොකී සම්මේලනය ක්‍රියාකාරීත්වය අණහිටි අතර පරිපාලන කටයුතු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතට පත්කර තිබිණි.

හොකී සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය මෙසේය:

සභාපති - පෙරුමාල් විශ්වනාදන් මහතා (ඡන්ද 26), ලේකම් - සුමිත් එදිරිසිංහ මහතා (ඡන්ද 26), උප සභාපති (තනතුරු 5) කො. ජයරත්නම් (ඡන්ද 26), දර්ශන සම්පත් (ඡන්ද 26), ජේ. කේ. ගනේගොඩ (ඡන්ද 26), එම්. එම්. පී. ප්‍රනාන්දු (ඡන්ද 26), ගාමිණී ජයසිංහ (ඡන්ද 25), උප ලේකම් - ඩී.ටී.බස්නායක (ඡන්ද 26), භාණ්ඩාගාරික - ගයා පෙරේරා (ඡන්ද 26), උප භාණ්ඩාගාරික - ජී. එස්. කපුකොටුව (ඡන්ද 26)

No comments:

Post a Comment

Post Bottom Ad

Pages