ලේක්හවුසියට සම්මාන 5ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

ලේක්හවුසියට සම්මාන 5ක්

Author(s): 
මහින්ද අලුත්ගෙදර

ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් සහ සුවිශේෂී නිපුණතා ඇගැයීමේ අරමුණින් ප්‍රථම වතාවට පැවැත්වු 'ජනාධිපති මාධ්‍ය සම්මාන - 2018' සම්මාන ප්‍රදානෝත්සවය දී ලංකාවේ සීමාසහිත එක්‌සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට (ලේක් හවුස් ආයතනය) සම්මාන පහක් හිමි විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ඊයේ(10) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

වසරේ ප්‍රශස්ත විමර්ෂණාත්මක පුවත(සිංහල) සඳහා සම්මානය දිනමිණ පුවත්පතේ ක්‍රිෂාන් අරෝෂණ මාන්නපෙරුම මහතාට හිමි විය.

වසරේ ප්‍රශස්තම ඡායාරූප ශීල්පියාට හිමි වූ සම්මානය දිනමිණ පුවත්පතේ රුක්මල් ගමගේ සහ සිළුමිණ පුවත් පතේ සුදම් ගුණසිංහ මහත්වරුන් විසින් ලබා ගන්නා ලදී.

වසරේ ප්‍රශස්ත පුවත් වාර්තාකරණය(දෙමළ) සඳහා තිනකරන් පුවත්පත් පතේ ලෝරන්ස් සෙල්වනායගම් මහතාට හිමි විය.

වසරේ ප්‍රශස්ත විශේෂාංග ලිපිය(ඉංග්‍රීසි) සඳහා පිරිනැමෙන සම්මානය සන්ඩේ ඔබ්සර්වර් පුවත් පතේ මහිල් විජේසිංහ මහතා දිනා ගත්තේය. පුවත් පත්, ගුවන්විදුලි, රූපවාහිණි සහ වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රයන්හි නියැළි සිටි ගෞරවනීය බුහුමණට පාත්‍ර විය යුතු සිව් දෙනකුට දිවියේ එක් වරක් පමණක් පිදෙන විශේෂ සම්මාන හතරක් ද මෙහිදි පිරිනැමිණි. එම අනභිභවනීය සම්මාන පුවත් පත් ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රවිණ මාධ්‍යවේ දී එඩ්වින් ආරියදාස මහතාද, ගුවන් විදුලි ක්ෂේත්‍රය වෙනුවෙන් කරුණාරත්න අමරසිංහ මහතාද, රූපවාහිණි ක්ෂේත්‍රය වෙනුවෙන් ලූෂන් බුලත්සිංහල මහතාද, වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ලක්ෂ්මන් ජයවර්ධන මහතාද පිදුම් ලැබූහ.

පුවත්පත් සහ රූපවාහිණි ක‍්ෂේත්‍ර වෙනුවෙන් අංශ හතක් බැගින් ද ගුවන් විදුලි ක්ෂේත්‍රය වෙනුවෙන් අංශ පහකට ද වෙබ් අඩවි ක්ෂේත්‍රය වෙනුවෙන් අංශ හතරකට ද සම්මාන ලබා දුනි. මිට අමතරම ජූරියේ විශේෂ සම්මානයක් ද පිරිනැමිණි. පිරිනමනු ලැබූ මුළු සම්මාන සංඛ්‍යාව 52 කි.‍

මෙම අවස්ථාවට ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, කම්කරු වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් ඇමැති දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රි ලසන්ත අලගියවන්න, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහත්වරුන්ද මාධ්‍ය ‍ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.

ඡායාරූප- සුලෝචන ගමගේ, හිරන්ත ගුණතිලක

No comments:

Post a Comment

Post Bottom Ad

Pages