ඉන්දියාවේ ජෙට් එයාර්වේස් තාවකාලිකව නවතයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-17

ඉන්දියාවේ ජෙට් එයාර්වේස් තාවකාලිකව නවතයි

මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ඉන්දියාවේ ජෙට් එයාර් ගුවන් සමාගම සියළු ක්‍රියාවන් තාවකාලිකව නතර කර ඇත. ඒ අනුව ගුවන් සමාගමේ සියලු දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමනාන්ත තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ. 
 
ජෙට් එයාර්වේස් සමගම මෙම තත්ත්වය හමුවේ පැවසුවේ ගුවන් ගමන් අත්හිටුවීම හැර මේ අවස්ථාවේ දී වෙනත් විකල්පයක් නොතිබුණු බවත් කෙසේ නමුත් යළි පියාසර කිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
 
ආර්ථික අර්බුධයෙන් මිදීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 1500 ක බැංකු අණකරයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉන්දීය මහ බැංකුවෙන් එම ගුවන් සමාගමේ ගුවන් නියමුවන් විසින් ඉල්ලීමක් සිදුකර තිබුණි.
 
නමුත් ඔවුන්ගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් මෙලෙස  එම සමාගමේ සියළුම කාර්යයන් නවතා දමා ඇති බව වාර්තා වේ. 
 
මෙම සමාගමේ 20,000ක් පමණ වූ සේවකයින්ගේ රැකියා ආරක්ෂාව සඳහා මැදිහත්වන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් පවා ඉල්ලීමක් කරමින් ලිපියක් යොමු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages