වී මිළදි ගැනීම යළි හෙට සිට අරඹයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-17

වී මිළදි ගැනීම යළි හෙට සිට අරඹයි

(බුද්ධිකා ඉඹුලාන)
 
වී මිළදි ගැනීම හෙට (18)සිට යළි ආරම්භ කිරීමට වී අළෙවි මණ්ඩලය කටයුතු යොදා ඇත. 
 
මාසයක කාලයක් ඒ සඳහා වී ගබඩා විවෘත කර තැබිමට කටයුතු යොදා ඇති බව  වී අළෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා අවධාරණය කරයි.
 
අද(17) සිට මෙම වී මිලදී ගැනීමේ කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණද මෙම කටයුතු සඳහා වන සහකාර ප්‍රාදේශිය කළමනාකරුවන්පිරිසක්  ඊයේ දිනයේදී ලෙඩ නිවාඩු දැමීම නිසා එම කටයුතු මදක් පමා වී තිබිණි.මෙම නිළධාරින් පෙන්වා දී තිබුණේ  වී මිලදී ගැනීම සඳහා වූ මෙහෙයුම් වියදම් නිසි පරිදි ලැබී නැති බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙහෙයුම් වියදම් පසුගිය 11වනදා භාරදී ඇති බවත් අලුත් අවුරුදු නිවාඩුව තිබූ බැවින් ඒවා ලැබීමේ සුළු ප්‍රමාදයක් ඇතිවී තිබෙන බවත්ය. එම ගැටලුව ඉතා ඉක්මනින් විසඳෙනු ඇති බවද සභාපතිවරයා පෙන්වා දෙයි.
 
ගොවීන්ට කිසිදු අපහසුවකින් තොරව වී තොග ලබාදිය හැකි බවත් පවසන  සභාපති කස්තුරි අනුරාධනායක මහතා නියමිත පරිදි නිසි දිනයන්ට වී ගබඩා විවෘත කිරීමනිසා  මේ කන්නයේදී  වි මිලදී ගන්නැයි රට පුරා උද්ඝෝෂණ නොතිබූ බවයි.එමෙන්ම වී තොග  මිළදී ගැනීමේ ජංගම මධ්‍යස්ථාන ආරම්භ කිරිමටත් අවධානය යොමුව තිබෙන බවද සභාපතිවරයා කියයි.
 
වී අළෙවි මණ්ඩලය මේ වනවිට මිලදි ගෙන ඇති වී ප‍්‍රමාණය මෙට්‍රික්ටොන් හතළිස් අටදහසකි.රජයේ ඉලක්කය වන්නේ වී මෙට්‍රික් ටොන් 1,50,000කි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages