ලෝක ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නායකයා කවුද? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-13

ලෝක ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නායකයා කවුද?

චමිල කරවිට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා ක්‍රීඩකයන් තිදෙනෙකු පිළිබඳව ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබුණද මේ මස 18 වැනිදා නිත්‍ය නායකයා ඇතුළු කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 4 කට ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න, ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 55ක් රඳවා තබා ගනිමින් ලකුණු 165 ක් රැස් කරමින් පිතිකරුවකු ලෙස දක්ෂතා අතරට පැමිණීම හේතුවෙන් ඔහුගේ නම ඉදිරියෙන්ම ඇත. එපමණක් නොව මීට පෙර පැවැති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදීද ශතකයක් වාර්තා කිරීමට දිමුත් සමත් විය. එහෙත් වසර 2005 සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් එක්දින තරගයකට හෝ ක්‍රීඩාකර නැත.

දකුණු අප්‍රිකාව සමඟ නිමාවූ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමට දිමුත් සමත්වූ අතර, ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් හිමිවිය.

කෙසේ වෙතත් ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව සිටි ඇන්ජලෝ මැතිව්ස්වද ලෝක කුසලාන තරගාවලියේ නායකත්වයට පත් කිරීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබුණද, වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉන්නා තෙක් කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට මැතිව්ස් අකමැති බව ප්‍රසිද්ධියේම පවසා තිබිණි.

‘මාලිංග නායකත්වයට නරක කෙනෙක් නොවෙයි. ඔහුගේ දැනුම පිළිබඳව මට කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත්, ක්‍රීඩා කරද්දී ඔහුට ක්‍රීඩකයන්ගේ වගේම පුහුණුකරුගේ උදව් උවමනා වනවා. නමුත් ගොඩක් දෙනෙක් එහෙම සහයෝගයක් මාලිංගට දෙනවා පෙන්නේ නෑ. අපිට මේ වෙලාවේ අවශ්‍ය ක්‍රීඩකයන් ඔක්කොම එකට එකතු කරගන්න පුළුවන් නායකයෙක්. එහෙම නොවුණොත් ලෝක කුසලානයේදී කළින්ම විසි වෙන්න පුළුවන්’ යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටි තේරීම් කමිටු ප්‍රධානි අසන්ත ද මෙල් මහතා පවසයි.

‘චන්දිමාල්ට මේ කණ්ඩායමේ තැනක් හිමිවෙයිද කියන එක ගැටලුවක්. නායකයෙක් කියන්නේ කණ්ඩායමේ 11 දෙනා අතර ස්ථානයක් හිමි කෙනෙක්’ තේරීම් කමිටු ප්‍රධානියාගේ අදහස වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages