පොහොට්ටුවෙන් ආණ්ඩුවේම පක්‍ෂ සමග ආණ්ඩුවට එරෙහි පුළුල් සන්ධානයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-15

පොහොට්ටුවෙන් ආණ්ඩුවේම පක්‍ෂ සමග ආණ්ඩුවට එරෙහි පුළුල් සන්ධානයක්

ආණ්ඩුවට එරෙහිව පුළුල් සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තුළ සිටින දේශපාලන පක්‍ෂ කිහිපයක් සමග ද සාකච්ඡා පවත්වමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මෙම දේශපාලන පක්‍ෂවලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්‍ෂ හා සංවිධාන කිහිපයක් සමගද සාකච්ඡා පවත්වා තිබෙන බවද හෙතෙම පැවසීය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අතර මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවලට අමතරව මෙම දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කෙරෙනු ඇත.

පුළුල් සන්ධානයක් ගොඩනැඟීම පිළිබඳව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අතර මේ වන විට සාකච්ඡා වට තුනක් පැවැත්වී තිබෙන අතර මීළඟ සාකච්ඡාව මැයි 9 වැනිදා පැවැත්වීමට දෙපාර්ශවය තීරණය කර තිබේ.

මෙම සාකච්ඡාවේදී එකඟ වූ ප‍්‍රතිපත්තිමය කාරණා 25 එම පක්‍ෂ දෙකේ නායකයන්ගේ හා පක්‍ෂ මධ්‍යම කාරක සභාවලත් ප‍්‍රධාන පක්‍ෂ දෙක නියෝජනය කරන අනෙකුත් පක්‍ෂවලත් අනුමැතියට ඉදිරිපත් කර ඒ අනුමැතිය මත ඉදිරි සාකච්ඡා පැවැත්වෙන බව පක්‍ෂ දෙකෙහි නියෝජිතයෝ පැවසූහ.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages