අන්තර් පළාත් ක්‍රිකට් ශූරතාව ගාල්ල-කොළඹ සමව බෙදා ගනී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

අන්තර් පළාත් ක්‍රිකට් ශූරතාව ගාල්ල-කොළඹ සමව බෙදා ගනී

එළැඹෙන මැයි මස 30 වැනිදා සිට එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අරමුණ මුල් කොට ගනිමින් පවත්වන ලද අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා සම ශූරයන් ලෙසින් සෑහීමකට පත්වීමට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායමටත්, දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායමටත් ඊයේ (11) සිදුවිය.

රංගිරි දඹුල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම නියමිත ඕවර 50 අවසනදී කඩුලු 7කට ලකුණු 337ක් රැස් කර ගනිමින් දැවැන්ත ඉලක්කයක් කොළඹ පිල හමුවේ තැබීමට සමත්වූ නමුත්, එම ඉනිම අවසානයත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිණ. දිගින් දිගටම වර්ෂාව තරගයට හරස් වූයෙන් ඊයේ දිනට තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

දඹුල්ල පිල වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ ළහිරු තිරිමාන්න ලකුණු 115ක් ලබා දිනයේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත්වූවේය. එපමණක් නොව මේ තරගයට පෙර පැවැති තරග 3දී ලකුණු 98ක් පමණක් රැස් කරගෙන සිටි තිරිමාන්න, තරගාවලියේ වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර දෙවැනියා බවට පත්වෙමින් අවසන් මොහොතේදී තමන් පිළිබඳව සිතීමටද යමක් තේරීම් කමිටුවට භාර කළේය. පන්දු 115ක් වටා එතුණු තිරිමාන්නගේ මේ සුවිශේෂී ඉනිමට, හයේ පහරක් සහ හතරේ පහර 9ක් ඇතුළත්ව තිබිණි. මේ ඉනිමත් සමඟ ඉනිම 4කට ක්‍රීඩා කළ තිරිමාන්න ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් මුලු ලකුණු 213ක් ලබා, ලකුණු 227ක් ලබා සිටින මැතිව්ස්ට පමණක් දෙවැනිව සිටියි.

හයේ පහරක් සහ හතරේ පහර 13ක් සමගින් පන්දු 53කට මුහුණ දුන් වනිඳු හසරංග ලකුණු 87ක් ලබා තිරිමාන්නට අනගි සහායක් ලබා දුන්නේය. පිටිය සිසාරා එල්ල වුණු හසරංගගේ ඉනිම, ගාල්ල කණ්ඩායමට ලකුණු 300 කඩඉම පසු කිරීමට මං විවර වුණු ඉනිම ලෙසින් සැලකිය හැක.

තරගාවසානයේ අදහස් දක්වා සිටි කොළඹ නායක දිනේෂ් චන්දිමාල් ද පවසා සිටියේ තම පන්දු යවන්නන් ආරම්භයේදී හොඳින් පන්දු යැව්වද, තිරිමාන්න සහ හසරංගගේ ඉනිම හේතුවෙන් තරගය පූර්ණ පාලනය ගාල්ල පිල සතු වූ බවයි. ‘ඇත්තටම මෙය හොඳ තරගයක්. 30 වැනි ඕවරය විතර වෙනකම් අපේ පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යැව්වා. කඩුලු වැටිලා තිබියදීත් තිරිමාන්න සහ වනිඳු හොඳින් වැඩේ කළා. මෙතරම් ලකුණු සංඛ්‍යාවකට ඉඩ පෑදුණෙත් මේ සම්බන්ධතාවයෙන්’ යැයි චන්දිමාල් පැවැසීය. ලකුණු 129කට කඩුලු 4ක් දැවී ගොස් සිටියදී තිරිමාන්නට එක් වූ හසරංග, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 144ක් එක් කරන ලද්දේ පන්දු 93ක් පමණක් වැය කරමිනි. 44 වැනි පන්දුවායේදී හසරංග දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 273ක් වශයෙන් සටහන් විය. සමස්ත තරගාවලියේ පිත්තෙන් ලකුණු 160ක් සහ පන්දුවෙන් කඩුලු 3ක් බිඳ හෙලූ ධනංජයද සිල්වා තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. පෙර දින රාත්‍රියේ ඉන්දියාවේ සිටි ලසිත් මාලිංග ඊයේ දිනයේදී තරගයට ක්‍රීඩා කළද පන්දු යැවීමෙන් වැළකී සිටීම විශේෂත්වයක් විය. සමස්ථ තරගාවලියේදීම මාලිංගගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායමේ දක්ෂතා කැපූ පෙනුණු අතර, ඒ පිළිබඳව අදහස් දැක්වූ ගාල්ල නායකයා, ‘මේ තරගාවලියේදී අපේ ඔක්කොම හොඳටම කළා. ක්‍රීඩකයන් තේරුම් අරන් තිබුණා ඇතුළෙදි කරන්න ඕන දේ මොකක්ද කියලා. ඒ වගේම තේරීම් කමිටුවත් මෙහි ගොඩ දෙනෙක් පීඩනයක් දෙන්න සමත් වෙලා ඉන්නවා. සමස්තයක් විදියට අපි මුළු තරගාවලියම හොඳටම කළා. ඒකයි අපි අවසන් මහ තරගය දක්වා ආවේ’ යැයි මාලිංග පැවැසීය.

ගාල්ල - 337/7 (ඕවර 50) ළහිරු තිරිමාන්න 115, වනිදු හසරංග 87, මිලින්ද සිරිවර්ධන 32, ධනංජය ද සිල්වා 32, ළහිරු මධුශංක නොදැවී 24, මිනෝද් භානුක 21

චමිල කරවිට

No comments:

Post a Comment

Post Bottom Ad

Pages