ඉස්කන්ඩර් පාපැදි සවාරියට ලංකාවෙන් කණ්ඩායමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

ඉස්කන්ඩර් පාපැදි සවාරියට ලංකාවෙන් කණ්ඩායමක්

Author(s): 
ගීෂා මුණසිංහ

මැලේසියාවේ පැවැත්වෙන ඉස්කන්ඩර් ජොහෝර් පාපැදි සවාරිය 2019 (our De Iskandar) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වෙයි.

මේ පාපැදි තරගාවලිය මෙම මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා මැලේසියාවේ දි පැවැත්වෙයි. ජොහොර් පූටෙර් නගරයෙන් ආරම්භ වන ඉස්කන්ඩාර් ජොහෝර් සවාරිය 2019 බාටපහාට්, මුවර්, යොංග් පෙංග්, ක්ලුවැන්ග්, මෙර්සිංග්, බන්ඩාර් පෙනවාර් හරහා කිලෝ මීටර් 693ක් දුර ගෙවා නැවතත් ඉස්කන්ඩාර් පූටෙර් වෙත පැමිණීමට නියමිතය. තරගාවලිය අදියර 5ක් යටතේ පැවැත්වෙයි. මේ සඳහා රටවල් රැසකින් කණ්ඩායම් 25ක් එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙන් රාජික කුමාර, පැතම් සම්පත් වීරසිංහ සහ තුෂාන්ත දයානන්ද සමග යුද හමුදා සේවා බලකායේ ගිහාන් පුෂ්ප කුමාර හා සිංහ රේජිමේන්තුව නියෝජනය කරමින් සඳරුවන් පින්තු එක්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ලෙස ලුතිනල් කර්නල් රන්දි ජයසිංහ මහතා සහභාගිවන අතර පුහුණුකරු ලෙස මීමණගේ පෙරේරා මහතා එක්ව සිටි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages