කැලණි සුලෝහිත සංග්‍රාමයේ ජය ශ්‍රී සුමංගලයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

කැලණි සුලෝහිත සංග්‍රාමයේ ජය ශ්‍රී සුමංගලයට

කැලණිය ඊරියවැටිය ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මහර ජනාධිපති විද්‍යාලය අතර දෙවැනි වරට පැවති කැලණි සුලෝහිත සංග්‍රාමය වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 113ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.

ඕවර 50 තරගයක් ලෙස පී. සරා ඕවල් පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී සුමංගල පිල කඩුලු 9ක් දැවී ලකුණු 185ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ජනාධිපති විද්‍යාලයට ඕවර 29කදී සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 72ක් පමණි.

තරගයේ වීරයා ලෙස සුමංගල කණ්ඩායමේ ධනුක ලක්ෂාන්ද, දක්ෂතම පිතිකරු ලෙස එම කණ්ඩායමේම කවිදු නිමේෂ් මධුරංගද සම්මාන දිනා ගත්හ. අන්ජන් ලක්ෂාන්ගේ නායකත්වයෙන් තරග කළ සුමංගල කණ්ඩායම විදුහල්පති ආනන්ද රත්නායක මහතාගේ උපදෙස් මත තිළිණ අනුරාධ මහතාගේ පුහුණුකාරිත්වය යටතේ තරගයට එක්විය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages