උත්සව සමයේ පාරිභෝගික අධිකාරිය වැටලීම් වැඩි කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

උත්සව සමයේ පාරිභෝගික අධිකාරිය වැටලීම් වැඩි කරයි

Author(s): 
සුභාෂිණී සේනානායක

උත්සව සමයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය වැටලීම් ප්‍රමාණය වැඩි කර ඇතැයි එම අධිකාරිය පවසයි.

පාරිභෝගිකයන් කූට වෙළෙඳුන්ගෙන් ආරක්ෂා කරගැනීම උදෙසා මේ වැටලීම් වැඩිකර ඇති බව පවසන අධිකාරිය ඉකුත් මාර්තු මස 31 දා සිට 6 දා තෙක් කළ වැටලීම් ප්‍රමාණය 190කි.

ඉන් නඩු පැවරීම් 43ක් සිදු කර ඇති අතර, දඩ මුදල් ලෙස රුපියල් 155,000ක් අයකරගෙන ඇත.

මාර්තු මස පළමු වනදා සිට 31දා දක්වා වැටලීම් 1841ක් සිදු කර ඇති අතර නඩු පැවරීම් 1523ක් සිදු කර, දඩ මුදල් 7,008,000ක් අය කර ගෙන ඇත.

එසේම ජනවාරි මස පළමුවන දා සිට පෙබරවාරි 28 දා දක්වා කළ වැටලීම් 3364ක් අතරින් නඩු පැවරීම් 4106ක් සිදු කර රුපියල් 19,050,500ක දඩ මුදලක් අයකරගෙන ඇතැයි අධිකාරිය වැඩිදුරටත් කීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages