රටේ ඉදිරි ගමනට දේශපාලන-මාධ්‍ය බෙදීම බාධාවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

රටේ ඉදිරි ගමනට දේශපාලන-මාධ්‍ය බෙදීම බාධාවක්

Author(s): 
මහින්ද අලුත්ගෙදර

දේශපාලනඥයා සහ ජනමාධ්‍ය අතර තිබෙන බෙදීම ජාතියක් ගොඩනැඟීමට සහ රටක් ඉදිරියට ගෙනයාමට කිසිසේත් සුදුසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. යහපත් විවේචනය තුළ සාධාරණ සමාජයක, ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක රටක් ඉදිරියට යන්න මාධ්‍යයේ නිදහස මෙන්ම මාධ්‍යයේ කැපවීම අත්‍යවශ්‍ය බව පෙන්වාදෙන ඒ මහතා විවේචන, විචාරය ඉතාම අවශ්‍ය වනවා සේම සාකච්ඡා, සංවාදය, සම්මන්ත්‍රණ ඉතාම අවශ්‍ය වන බව ද සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ රාත්‍රියේ (10) පැවැති විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් උදෙසා "ජනාධිපති මාධ්‍ය සම්මාන - 2018" සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි. ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් සංවිධාන කළ අතර සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම මේ ඇගැයීම් උළෙල පැවැත්වීමේ මුඛ්‍ය පරමාර්ථය වෙයි.

2017 වසර පාදක කරගෙන මේ සම්මාන ප්‍රදානය කරන ලද අතර ක්ෂේත්‍ර 4ක නිරත මාධ්‍යවේදීන්ගෙන් ස්වතන්ත්‍ර නිර්මාණ කැ‍ඳවා තම තමන්ගේ මාධ්‍ය ආයතනයේ ප්‍රධානියාගේ නිර්දේශය මත එම නිර්මාණ ඉදිරිපත් කර තිබිණි. සම්මාන ලැබීමට සුදුසුකම් ලෙස ඒ නිර්මාණ ස්වතන්ත්‍ර නිර්මාණ වීම, විදේශීය රටවල නිර්මාණයක් නොවීම සහ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාට යෝග්‍ය ලෙස නිර්මාණය කර තිබීම යන කරුණු සලකා බලා තිබෙන අතර ඒ අනුව 2017 නිර්මාණවලට වසර 2018 සම්මාන පිරිනැමිණි. ඒ අනුව වසර 2018 නිර්මාණවල‍ටත් වසර 2019 නිර්මාණවලටත් මේ අවුරුද්දේ සම්මාන ලබාදෙයි.

ක්ෂේත්‍ර 4කට සම්මාන ලබාදුන් අතර සම්මාන 47ක් ඒ සඳහා වෙන්කොට තිබිණි. ඊට අමතරව ක්ෂේත්‍රයේ උන්නතියට කැප වූ ප්‍රවීණයන් 4 දෙනෙකුට සේවා ඇගැයීමක් ලබාදුන් අතර ඒ අනුව සම්මාන 51ක් මෙවර ලබාදෙන ලදී.

එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල වෙනුවෙන් හිටපු ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් පුරෝගාමී කටයුත්තක් ඉටුකළ බවත් මෙතෙක් කටයුතු කළ ජනමාධ්‍ය ඇමැතිවරුන්ට හොඳක් අහන්න නොලැබුණ ද වත්මන් ජනමාධ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාට එවැනි තත්ත්වයක් ඇති නොවනු ඇති බවත්, ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය පවුලකින් පැවත එන අයෙක් ලෙස රුවන් විජයවර්ධන මහතාට මේ විෂය හොඳින් කරගෙන යාමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඒ වෙනුවෙන් සුබ පතන බවද ජනපතිවරයා පැවැසීය.

අපේ රටේ ජනමාධ්‍ය හා දේශපාලනඥයා, ජනමාධ්‍ය හා පුරවැසියා, ජනමාධ්‍ය හා රාජ්‍ය සේවකයා, ජනමාධ්‍ය හා පාසල් සිසුවා මේ සියල්ල පිළිබඳ එකිනෙකට ගත්විට බොහෝ වෙනස්කම් දැක තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා ජනමාධ්‍ය තුළින් යහපත් රටක් ගොඩනැඟීමේ කාර්යයේ දී අද තිබෙන අභියෝග තේරුම්ගෙන අප සෑම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කළයුතු බව ද වෙන

මෑත කාලයේ දී විද්යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන් මෙන්ම වෙබ් අඩවි හරහා විවිධ මඩ ප්‍රචාර එල්ලවන බවත් සාමාන්‍යයෙන් තමා වැනි කෙනකුට ඇද ඇද මඩ ගහන්නට හැකි බවත් කී ඒ මහතා තමාට බොහෝම ලෙහෙසියෙන් පහර දියහැකි වන අතර තමා පාතාලය සමඟ අපරාධ සමඟ සම්බන්ධ නොමැති බව ද ත්‍රිවිධ හමුදාව, පොලිසිය වැරැදි ලෙස යොදා නොගන්නා බව ද සඳහන් කළේය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක, ජනමාධ්‍ය ඇමැති සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණී ගුණවර්ධන, අධ්‍යක්ෂ කේ.පී ජයන්ත මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages