විවාහ සංවත්සරය සැමරූ ජපාන අකිහිතෝ අධිරාජ්‍යයා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-17

විවාහ සංවත්සරය සැමරූ ජපාන අකිහිතෝ අධිරාජ්‍යයා

ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා ගේ සහ මිචිකෝ අධිරාජිණිය ගේ 60 වැනි විවාහ සංවත්සරය රජ කිරුළ අත් හැරීමට සුමාන තුනක් තිබියදී පසුගිය දා සමරනු ලැබීය. 
 
අකිහිතෝ-මිචිකෝ යුවළ පළමු වරට මුණ ගැසී ඇත්තේ 1957 වසරේ  පැවැති ටෙනිස් තරඟයකදී ය. එය අද සිහිපත් කරනුයේ " ආදර තරඟය" ලෙසිනි. 1959 වසරේ අප්‍රියෙල් 10 වැනි දින අකිහිතෝ- මිචිකෝ විවාහය සිදු වූයේ ජපානයේ අනාගත අධිරාජයකු කතෝලික අධ්‍යාපනයක් ලැබූ සාමාන්‍ය තරුණියක විවාහ කර ගත් ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමිනි. 
 
එතැන් පටන් දරුවන් හැදීමේ සිට සමාජය සමග ගනු දෙනු කිරීමේ දී මිචිකෝ  කටයුතු කළ ආකාරය සමාජයේ අගය කිරීමට ලක් වූ අතර ඇය ජපන් ජනතාව අතර ආදරණීය චරිතයක් බවට පත් වූවාය. මෙම යුවළ බොහෝ විට එක්ව කටයුතු කරන අයුරු දක්නට ලැබුණි. විශේෂයෙන් ආපදාවන්ට ලක් වන ජනතාවටත්, විශේෂ අවශ්‍යතා ඇති පිරිසටත් නවාතැන්, සියලු පහසුකම් සපයමින් ඔවුන් ගේ ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම ද ඇයගේ ජීවිතයේ වැඩි කාලයක් කැප කළාය. ඒ සඳහා අකිහිතෝ  ගෙන් ලද අනුග්‍රහය හේතුවෙන් ඔවුන් දෙපළම ජපාන ජනතාවගේ කුළුපග මිතුරන් බවට පත් විය. 
 
1989 දී හිරෝහිතෝ අධිරාජ්‍යයගේ මරණයෙන් පසු රජකම ලැබූ අකිහිතෝ වසර 64ක් කිරුළ දරා  අප්‍රියෙල් 30 වැනි දා රජ කිරුළ අත හරිනු ලබන්නේ ඔහුගේ වැඩිමහල් පුත් 59 හැවිරිදි නරුහිතෝ ට කිරුළ පළඳවමිනි. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages