අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පානීය ජල සැප­යු­මට බාධා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පානීය ජල සැප­යු­මට බාධා

මේ දින­වල බලපා ඇති දැඩි වියළි කාල­ගු­ණික තත්ත්වය හේතු­වෙන් සියලු ජල මූලා­ශ්‍ර­වල ජලය ශීඝ්‍ර­යෙන් පහත බසි­මින් පව­තින බවත්, එය සෘජු­වම ජල සම්පා­දන කට­යු­තු­ව­ලට බල­පාන බවත් ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය පව­සයි.

මෙම පාරි­ස­රික තත්ත්වය යටතේ කළු­තර දිස්ත්‍රි­ක්කයේ ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට ලබා­දෙන ජල­යට ලුණු මිශ්‍ර බවට ප්‍රචා­ර­යක් පවතී. විශේ­ෂ­යෙන් මෙම තත්ත්වය පව­තින්නේ කෙත්හේන ජල පවි­ත්‍රා­ගා­ර­යෙන් ජලය බෙදා­හ­රින ප්‍රදේශ වන වාද්දුව, වස්ක­ඩුව, පොතු­පි­ටිය, කළු­තර (උතුර / දකුණ), කටු­කු­රුන්ද, නාගොඩ, පයා­ගල, පිල­ම්නා­වත්ත, බෝම්බු­වල, මග්ගොන, බේරු­වල, කළු­වා­මෝ­දර, මොර­ගල්ල, අලු­ත්ගම, දර්ගා නග­රය සහ බෙන්තොට යන ප්‍රදේ­ශ­යන්ට පම­ණක් බවත් අනෙ­කුත් සියලු ප්‍රදේශ සඳහා අප විසින් සප­යන ජලය බීමට සුදුසු පිරි­සිදු පානීය ජලය බවට මණ්ඩ­ලය අව­ධා­ර­ණය කරයි.

ගඟේ ජල මට්ටම පහළ බසින විට වඩ­දිය බාදිය යන ස්වභා­වික පාරි­ස­රික තත්ත්වය හේතු­වෙන් යම් ප්‍රමා­ණ­ය­කින් ගඟේ ජල­යට මුහුදු ජලය නොඑසේ නම් කර­දිය මිශ්‍ර­වීම සාමාන්‍ය ස්වභා­ව­යකි. මේ වැනි අව­ස්ථා­ව­ලදී ජල­ස­ම්පා­දන කට­යුතු මුළු­ම­නින්ම නවතා තබා එය යථා තත්ත්ව­යට පත්ව­න­තුරු බලා සිටී­මට වග­කි­ව­යුතු ජාතික ආය­ත­න­ය­කට කිසි­සේත් සිදු කළ නොහැකි බව ද සඳ­හන් කරයි.

ලුණු මිශ්‍ර වූ විට එම ජලය බීමට නොහැක. මන්ද එය අහි­ත­කර නොවූ­වත් එය අමි­හිරි හා එම­ඟින් පිපා­සය සන්සි­ඳ­වී­මට නොහැකි නිසාය. එහෙත් සාමාන්‍ය ජල පරි­භෝ­ජ­නයේ දී 90%ක් ම අවශ්‍ය වන්නේ සේදීමේ හා වෙනත් කට­යුතු සඳ­හාය. බීමට සහ ආහාර පිසීමේ කට­යුතු සඳහා අවශ්‍ය වන්නේ 10%කටත් අඩු ප්‍රමා­ණ­යකි. මෙවැනි තත්ත්ව­යක් යටතේ ජල අත්හි­ට­වූ­හොත් ජන ජීවි­තය මුළු­ම­නින්ම අඩාල වන්නේය. එම නිසා ජලය මූලික අයි­ති­වා­සි­ක­මක් බැවින් ලුණු මිශ්‍ර ජලය බීම සඳහා නිර්දේශ නොකර අනෙ­කුත් සියලු කට­යුතු ඉටු කර ගැනීම සඳහා ජලය මුදා හැරී­මට ජාතික ජල­ස­ම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය පිය­වර ගෙන ඇත.

එහෙත් යම් හෙය­කින් එම ලුණු මිශ්‍ර ජලය ශරී­ර­ගත වූහොත් බර­ප­තළ අව­දා­නම් තත්ත්ව­යක් ඇති නොවන බව ද අව­ධා­ර­ණ­යෙන් සඳ­හන් කළ හැක. එහෙත් එම ජලය බීමට ගන්නා ලෙස මණ්ඩ­ලය යෝජනා නොක­රයි. අනෙ­කුත් දෛනික කට­යුතු සඳහා අප විසින් බවු­සර් මඟින් බෙදා­හ­රින ජල­යත් විවිධ ස්ථාන­වල ස්ථාපිත කර තිබෙන ජල ටැංකි­ව­ලට වරින් වර සප­යන ජලය බීමට සුදුසු බව වැඩි­දු­ර­ටත් පැව­සිය හැකිය. මෙම පාරි­ස­රික ආප­දා­ව­ලට මුහු­ණ­දීම සඳහා අප විසින් එසේ කෙටි­කා­ලීන විස­ඳුම් ලබා­දෙ­මින් දිගු­කා­ලීන විස­ඳු­මක් ලෙස දැනට ක්‍රියා­ත්මක අලු­ත්ගම, මතු­ගම, අග­ල­වත්ත ජල සම්පා­දන ව්‍යාපෘ­තිය යටතේ කුඩා ගඟ මූලික කර­ගෙන ජල ව්‍යාපෘ­ති­යක් ආරම්භ කර ඇත. එම ව්‍යාපෘ­තිය 2020 පළමු කාර්තුවේ දී පමණ නිම කිරී­මට යෝජි­තව ඇති අතර මෙහිදී මුහුදු ජලය නොඑන ස්ථාන­යක් ලෙස හඳු­නා­ගෙන ඇති කොලේ මෝදර ස්ථාන­යෙන් ලබා­ගන්නා ජලය පවි­ත්‍රි­ක­ර­ණය කර මහ­ජ­න­තා­වට බෙදා­හැ­රී­මට පිය­වර ගනු ඇත.

මේ සියලු කට­යුතු සාර්ථක වන තෙක් මේ දුෂ්කර කාල පරි­ච්ඡේ­ද­යේදී මණ්ඩ­ලය සමඟ සහ­යෝ­ග­යෙන් කට­යුතු කරන ලෙස පාරි­භෝ­ගික ජන­තා­ව­ගෙන් ද සියලු වග­කි­ව­යුතු අංශ වලින් ද ඉතා කාරු­ණි­කව ආයා­චනා කර සිටි­න්නෙමු.

අත්‍යා­වශ්‍ය සේවා­වන් අඩාල නොවන ලෙස වතුර බවු­සර් මඟින් ජලය සැප­යීම මේ දින­වල සිදු­වන අතර පැය 24 පුරාම ජලයේ සංයු­තියේ වෙන­ස්වීම නිරී­ක්ෂ­ණ­යට ලක් කරන බව ද වැඩි­දු­ර­ටත් පැව­සී­මට කැමැ­ත්තෙමු.

බේරු­වල විශේෂ වාර්තා­කරු
බී.එම්. මුක්තාර්

No comments:

Post a Comment

Post Bottom Ad

Pages