ලෝකය වෙනස් කිරීමේ පුළුල් කාර්ය පැව­රෙන්නේ ජන­මා­ධ්‍ය­ය­ටයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

ලෝකය වෙනස් කිරීමේ පුළුල් කාර්ය පැව­රෙන්නේ ජන­මා­ධ්‍ය­ය­ටයි

Author(s): 
මහින්ද අලුත්ගෙදර

මාධ්‍යවේදියා කරන සේවයට නිසි ගෞරවයක් දිය යුතුයි
- ජනමාධ්‍ය ඇමැති රුවන් විජයවර්ධන

ලෝකය හා සමා­ජය වෙනස් කිරීම මෙන්ම මිනි­සාගේ සිත් සතන් වෙනස් කිරීමේ පුළුල් කාර්ය භාරය ඉටු­ක­රන්නේ ජන­මා­ධ්‍යය බව ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පැව­සීය.

ඒ මහතා මේ බව සඳ­හන් කෙළේ කොළඹ, බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලාවේ දී පෙරේදා (10) පැවැති විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘ­ති­යක් උදෙසා 'ජනා­ධි­පති මාධ්‍ය සම්මාන - 2018' සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වය අම­ත­මිනි.

ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ කුස­ලතා, හැකි­යා­වන් හා සුවි­ශේෂී නිපු­ණතා ඇග­යීම සඳහා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතා­වට ජනා­ධි­පති මාධ්‍ය සම්මාන උළෙ­ලක් සංවි­ධා­නය කළ අතර සමාජ වග­කී­මෙන් යුත් මාධ්‍ය කලා­වක් බිහි­කි­රීම මේ ඇගැ­යීම් උළෙල පැවැ­ත්වීමේ මුඛ්‍ය පර­මා­ර්ථය වෙයි.

2017 වසර පාදක කැර ගෙන මේ සම්මාන ප්‍රදා­නය කරන ලද අතර ක්ෂේත්‍ර 4ක නිරත මාධ්‍ය­වේ­දී­න්ගෙන් ස්වතන්ත්‍ර නිර්මාණ කැ‍ඳවා තම තමන්ගේ මාධ්‍ය ආය­ත­නයේ ප්‍රධා­නි­යාගේ නිර්දේ­ශය මත එම නිර්මාණ ඉදි­රි­පත් කැර තිබිණි. සම්මාන ලැබී­මට සුදු­සු­කම් ලෙස ඒ නිර්මාණ ස්වතන්ත්‍ර නිර්මාණ වීම, විදේ­ශීය රට­වල නිර්මා­ණ­යක් නොවීම සහ ශ්‍රී ලාංකේ­යීය ප්‍රේක්ෂ­ක­යාට යෝග්‍ය ලෙස නිර්මා­ණය කැර තිබීම යන කරුණු සලකා බලා තිබෙන අතර ඒ අනුව 2017 නිර්මා­ණ­ව­ලට වසර 2018 සම්මාන පිරි­නැ­මිණි. ඒ අනුව වසර 2018 නිර්මා­ණ­ව­ල‍ටත් වසර 2019 නිර්මා­ණ­ව­ල­ටත් මේ අවු­රුද්දේ සම්මාන ලබා දෙයි.

ක්ෂේත්‍ර 4කට සම්මාන ලබා­දුන් අතර සම්මාන 47ක් ඒ සඳහා වෙන් කොට තිබිණි. ඊට අම­ත­රව ක්ෂේත්‍රයේ උන්න­ති­යට කැප වූ ප්‍රවී­ණ­යන් 4 දෙන­කුට සේවා ඇගැ­යී­මක් ලබා­දුන් අතර ඒ අනුව සම්මාන 51ක් මෙවර ලබා දෙන ලදී.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා මෙසේද පැව­සීය.

එම වෙනස කරන සෑම කෙනෙක්ම අදාළ වෙන­සට සුදු­ස්සන් ලෙස කට­යුතු කිරීම වැද­ගත්. අපේ රටේ ජන­මාධ්‍ය පිළි­බ­ඳව ජාතික වශ­යෙන් මෙන්ම අන්ත­ර්ජා­තික වශ­යෙන් ගත්විට අද ලෝකය වෙනස් කිරී­මට ජන­මාධ්‍ය හා තාක්ෂ­ණ­යට ගත වන්නේ තත්පර කිප­යක්. ඒ ජන­මාධ්‍ය හා තාක්ෂ­ණයේ ශක්තිය නිසායි. ජන­මාධ්‍ය තුළින් යහ­පත් රටක් ගොඩ­නැ­ඟීමේ කාර්යයේ දී අද තිබෙන අභි­යෝග තේරුම් ගෙන සෑම කෙනෙක්ම වග­කී­මෙන් කට­යුතු කළ­යු­තුයි.

ලංකාවේ පළමු වැනි­ව­රට පව­ත්වන ජනා­ධි­පති සම්මාන ජන­මා­ධ්‍ය­වේ­දීන් සඳහා ලබා­දෙන අව­ස්ථා­වට සහ­භාගි වන්නට ලැබීම සම්බ­න්ධ­යෙන් සතුටු වෙනවා. කිසි­යම් ආණ්ඩු­වක්, ජනා­ධි­පති ක්‍රම­යට පෙරත් රාජ්‍ය නාය­ක­යාගේ සම්මා­න­යක් ජන­මා­ධ්‍ය­වේ­දීන් සඳහා දුන් අව­ස්ථා­වක් වාර්තා වන්නේ නැහැ. මේ කට­යුත්තේ දී වඩා පුරෝ­ගාමී කට­යු­ත්තක් ඉටු කෙළේ හිටපු ජන­මාධ්‍ය ඇමැති මංගල සම­ර­වීර මහ­තායි. ජන­මාධ්‍ය ගැන එතුමා සහ මා අතර කතා­වක දී අපි තීන්දු කළා ජනා­ධි­පති සම්මාන බොහෝ ක්ෂේත්‍ර­ව­ලට වාර්ෂි­කව ලබා­දෙ­නවා, නමුත් ජන­මා­ධ්‍ය­වේ­දීන් අග­යන්න ඕනෑ කියන එක. මේ දක්වා ජන­මා­ධ්‍ය­වේදී ඇග­යී­මක් වෙලා නැහැ. ඒ නිසා අපි පළ­මු­ව­රට මෙවැනි කාර්යක් ඉටු­ක­රමු කියලා කිව්වා. ඒ අනුව අද මේ සම්මාන දීමේ කට­යුත්තේ පුළුල් කාර්ය­යක් ඉටු කෙළේ එතු­මායි. ඒ අත­ර­තුර පසු­ගිය කාලයේ මේ අමා­ත්‍යා­ශය වෙන­ස්වී­ම­කට ලක්වුණා. කලින් තිබු‍ණේ ජන­මාධ්‍ය හා මුදල් අමා­ත්‍යාං­ශ­යයි. නමුත් අග­මැ­ති­ව­රයා මගෙන් ඉල්ලී­මක් කළා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය කියා වෙනම එකක් ඕනෑ කියා. ඒ නිසා වෙනස් කරන්න කියලා. ඒ අනුව රුවන් විජ­ය­ව­ර්ධන මහතා පත් කළා. මෙවැනි සම්මා­න­දී­මක දී බොහෝ විට විද්‍යා­ත්මක ක්ෂේත්‍ර­වල ඒ ක්ෂේත්‍ර සම්බ­න්ධ­යෙන් විශි­ෂ්ඨ­යන්ට සම්මාන දීමේ ක්‍රම­වල අනු­ග­ම­නය කළ­යුතු ක්‍රම­වේ­ද­යන් එත­රම් දුෂ්කර නැහැ. නමුත් කලා­ක­රු­වන්, සාහි­ත්‍ය­ධ­ර­යන්, නාට්‍යය, චිත්‍ර කලාව, ජන­මාධ්‍ය සඳහා විශි­ෂ්ඨ­යන් තෝරා සම්මාන දීම පහ­සු­වක් නොවේ. සම්මාන දීමේ දී හා එයින් පසුව විනි­සුරු මඩුල්ල දැඩි විවේ­ච­න­යට ලක් වෙනවා. මේ විනි­සුරු මඩු­ල්ලට එසේ නොවේවා කියා මා ප්‍රාර්ථනා කර­නවා.

ජන­මාධ්‍ය පිළි­බඳ කතා කරන විට මමත් මේ රටේ කලක් පත්තර කාර­යෙක් ලෙස කට­යුතු කළ. මම ලේක්හ­වුස් ආය­ත­නයේ නිද­හස් මාධ්‍ය­වේ­දි­යෙක් ලෙස කලක් කට­යුතු කළා. 70 - 77 කාල­යෙත් එයින් පසු­වත් මම පත්ත­ර­ව­ලට කාල­යක් ලිව්වා. ඒ නිසා මම පහළ සිට අත්දැ­කීම් ලබා තිබෙ­නවා. මම මේ උත්ස­ව­යට ආවේ පොළො­න්න­රුවේ සිටයි. එහි උත්සව රාශි­ය­කට සම්බන්ධ වෙලා. බස් නැව­තුම් පොළක් විවෘත කරන අව­ස්ථාවේ පොළො­න්න­රුවේ ප්‍රාදේ­ශීය වාර්තා­ක­රු­වන්ට ලංකා ගමනා ගමන මණ්ඩ­ලයේ නිද­හස් ගමන් බල­පත්‍ර දුන්නා. එතන දී එක්කෙ­නෙක් කිව්වා අපිට හැම­දාම අසා­ධා­ර­ණ­කම් වෙනවා. මට බල­ප­ත්‍ර­යක් නැහැ කිව්වා. මේ තේරීම කලේ කවුද කියා මම ප්‍රවා­හන අධි­කා­ර­යෙන් ඇහුවා. නමුත් ඔවුන් කිව්වේ පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ තිබෙන ජන­මාධ්‍ය සංග­මය කළ දෙයක් බව කිව්වා. මම ඒ අව­ස්ථාවේ කිව්වේ මේ සංග­ම­යෙන් තමයි මේක කරලා තිබෙන්නේ කියා. අඩු­පා­ඩු­වක් තිබෙ­නවා නම් මට කතා කරන්න කිව්වා. අපේ රටේ ජන­මාධ්‍ය පිළි­බ­ඳව ජාතික වශ­යෙන් වගේම අන්ත­ර්ජා­තික වශ­යෙන් ගත්විට අද ජන­මාධ්‍ය හා තාක්ෂ­ණ­යට ලෝකය වෙනස් කරන්න තත්ත්පර කිහි­ප­යක් යන බව අපි දන්නවා.

ඒ ලෝකය හා සමා­ජය වෙනස් කිරීමේ, මිනි­සාගේ සිත් සතන් වෙනස් කිරීමේ පුළුල් කාර්යය කරන්නේ ජන­මා­ධ්‍යයි. ඒ වෙනස කරන සෑම කෙනෙක්ම ඒ වෙන­සට සුදු­ස්සන් ලෙස කට­යුතු කිරීමේ වැද­ග­ත්කම තිබෙ­නවා. මේ කර්තෘ භාගය පිළි­බ­ඳව අපේ අර­මුණ ඉටු වුණේ නැහැ කියා ලූෂන් බුල­ත්සිං­හල මහතා කීවා. මේ ගැන අපි සාකච්ඡා කීයක් තිබ්බා ද. එතන දී ගාය­ක­යන්, පද රච­ක­යන් අතර ඇති වු බෙදීම අපිට විසදා ගන්න නොහැකි වුණා. ඒ අස­ම­ඟිය බර­ප­තළ ප්‍රශ්න­යක් වුණා. පසුව ඒ නිසා කලක් මම අත­හැර දැම්මා. ලූෂන් බුල­ත්සිං­හල වැනි අය අප­ක්ෂ­පා­තීව සිටි­මින් මෙය ක්‍රියා­ත්මක කරන්න ලොකු වෙහෙ­සක් ගත්තා. අද විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශ­යට ඒ විෂය අයත් වෙනවා. අධ්‍ය­ක්ෂ­ව­රි­යක් ඒ ගැන කට­යුතු කර­නවා. නමුත් මම තීර­ණය කළ මේ ගැන සොයා බලා ඔබ බලා­පො­රොත්තු වන කාර­ණය ඉටු­ක­රන්න. නැව­තත් ඒ සැම කැඳ­ව­න්නට උත්සාහ ගන්නවා. අපේ රටේ ජන­මාධ්‍ය හා දේශ­පා­ල­ඥයා, ජන­මාධ්‍ය හා පුර­වැ­සියා, ජන­මාධ්‍ය හා රාජ්‍ය සේව­කයා, ජන­මාධ්‍ය හා පාසල් සිසුවා මේ සියල්ල පිළි­බ­ඳව එකි­නෙ­කට ගත්විට බොහෝ වෙන­ස්කම් දැක තිබෙ­නවා. අපි නැඟි­ටින්න උත්සාහ කරන රටක්. කොත­රම් වැටු­ණත් එය නොස­ලකා නැගි­ටින්න උත්සාහ කරන රටක්.

මාධ්‍යයේ පුළුල් කාර්ය­භාර හොඳින් දන්නා පිරි­සක් මෙතන ඉන්නවා. මේ රටේ රාජ්‍ය නාය­ක­යන් අතර ජන­මාධ්‍ය පිළි­බ­ඳව කට­යුතු කළ රස­වත් කතා තිබෙ­නවා. අපි අද ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රටක්. නිද­හස් සමා­ජ­යක කල් ගත කර­නවා. 2015 ජන­වාරි 8 වැනි දා මාව පත් කෙළේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ශක්ති­මත් කර­න්නයි. විශේ­ෂ­යෙන්ම එහිදී මාධ්‍ය නිද­හස ගැනත් එදා කතා කළා. මේ ගැන මේ සියලු දෙනා හොඳින් දන්නවා. මාධ්‍ය තුළ වැඩි­පු­රම විවේ­ච­න­යට ලක්වු කෙනෙක් තමයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩා­ර­නා­යක මහතා. ඒ කාලයේ අද වගේ තාක්ෂ­ණය දියුණු නැහැ. කැලෑ පත්ත­රය සහ කවි කොළ යොදා ගත්තා. 50 දශ­කයේ 60 දශ­කයේ මේවා අපේ රටේ ජන­මාධ්‍ය හා දේශ­පා­ල­නය තුළ ඉදි­රි­යට ගිහින් තිබුණා. අපි ජන­මාධ්‍ය තුළින් යහ­පත් රටක් ගොඩ­නැ­ඟීමේ කාර්යයේ දී අද තිබෙන අභි­යෝග තේරුම් ගෙන අපි සැම කෙනෙක්ම වග­කී­මෙන් වැඩ කළ­යුතු වෙනවා.

පසු­ගිය වසර 4 ගත්විට වැඩි­පු­රම නින්දා අප­හාස විදින පුද්ග­ලයා මමයි. මට තරම් විවේ­චන කිසි­ව­කුට නැහැ. 78 ජනා­ධි­පති ක්‍රමය ආරම්භ කළ පසුව මම හය­වැනි ජනා­ධි­ප­ති­ව­රයා බව ඔබ දන්නවා. ඩී.බී .විජේ­තුංග ජනා­ධි­ප­ති­ව­රයා හැර ජනා­ධි­ප­ති­ව­රුන්ගේ කාලයේ මාධ්‍ය­වේ­දීන්, මාධ්‍ය ආය­තන ලක් වූ තත්ත්වය අපි දන්නවා. ඒ තත්ත්ව­යන් ගැන මේ අය දන්නවා. පරි­නත පිරිස් අත්දැ­කීම් ලබා තිබෙ­නවා. සාමා­න්‍ය­යෙන් මම වැනි කෙන­කුට ඇද ඇද ගහන්න බොහෝම ලෙහෙ­සියි. මොකද මම පාතා­ලය සමඟ අප­රාධ සමඟ සම්බන්ධ නැහැ. ත්‍රිවිධ හමු­දාව පොලි­සිය වැරැදි ලෙස මම යොදා ගන්නේ නැහැ. ඒ නිසා මට ගහන්න පුළු­වන්. එහෙම ගහ­න­විට ඊළ­ඟට බිහි­වන විකල්ප චරි­තය කොහොම ගහන්න ඉඩ දෙයිද කියන එක ගැන හිත­නවා නම් හොඳයි. ඒක තමයි සිතිය යුත දේ වන්නේ.මේ මැති­ව­රණ වර්ෂ­යක්. ජනා­ධි­පති අපේ­ක්ෂක ලැයිස්තු ගත්විට මට දැඩි ලෙස නින්දා අප­හාස කර­මින් මට ම ගහන්න පටන් ගත් පත්තර තිබෙ­නවා. මම ඒ සියලු දෙනා­ටම කියන්නේ හොදට මඩ ගසන්න. එහෙම ගැසූ පසුව ඔබ බලා­පො­රොත්තු වන කෙනෙක් නොවෙයි නිර්මා­ණය වෙන්නේ. මට විකල්ප චරිත ඔය කියන නාම ලේඛ­නය තුළ ආවොත් ඒ අය­ගෙත් ඔය විදියේ නිහ­ඩ­තා­වක් නොලැ­බෙන බව මම දන්නවා. මොකද මම ජනා­ධි­ප­ති­වරු හය දෙන­කු­ගෙන් ලබපු අත්දැ­කීම් මේ සැම කෙනෙක්ම දන්නවා. අපි යහ­පත් රටක් හදන්න තාක්ෂ­ණය, දැනුම අව­ශ්‍යයි. වංචාව දූෂ­ණය ගැන අපි කතා කර­නවා. මේ ගැන කතා කරන විට බොහෝ විට ඉලක්ක වන්නේ දේශ­පා­ල­ඥයා. ඒ ජන­තා­වගේ ඡන්ද­යෙන් එන නිසා. ඔහු ජනතා සේව­ක­ට­යෙක් නිසා.

නමුත් දේශ­පා­ල­න­ඥයා වගේම අති දූෂිත පිරි­සක් මේ සමා­ජයේ ඉන්නවා. කිසිඳු මාධ්‍ය­කින් කතා කරන්නේ නැහැ. ඒ අය සම්බ­න්ධ­යෙන් කතා කරන්නේ නම් මාධ්‍ය ආය­ත­න­ව­ල­ටත් ප්‍රශ්න එන බව මම දන්නවා. නිද­හස් මාධ්‍ය කොයි රටක තිබෙ­නවා දන්නේ නැහැ. අපි නිද­හස් මාධ්‍ය සඳහා සමා­ජ­යක් හදා තිබෙ­නවා. රාජ්‍ය මාධ්‍ය හැම­වි­ටම රාජ්‍යයේ කට­යුත්ත පම­ණක් කරන්න නියෝග ලැබෙ­නවා. ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය ගත්ත කිසිම ඇමැ­ති­ව­ර­යෙක් හොඳ අසා නැහැ. තර්ජ­න­යට ලක් වුණේ වැඩි වශ­යෙන් රාජ්‍ය නාය­ක­යා­ගෙන්. මම රුව­න්ටත් කිවුවේ මේ තන­තුර ගත් අය නම් හොඳ ඇසුවේ නැහැ කියලා. රාජ්‍ය නොවන මාධ්‍ය ගත්විට, ඒ ආය­තන අයිති පුද්ග­ල­යාට අවශ්‍ය විදි­හට කට­යුතු කර­නවා. මාධ්‍ය­වේ­දීන්ට අවශ්‍ය පරිදි නිද­හසේ කට­යුතු කරන්න පුළු­වන්ද. අයිති පුද්ග­ල­යාගේ අද­හස් තමයි යන්නේ. උදේට පත්තර කිය­ව­නවා. මම හොඳට දන්නවා ඒ අයට ඒ කාල­වල දී වෙච්ච දේවල්. පත්තරේ ප්‍රවෘ­ත්තිය නොව තමන්ට අවශ්‍ය දේ ඔවුන් කිය­නවා. මේ නිද­හස් මාධ්‍ය පාවිච්චි කරන විදිහ. මම ඉන්න­කල් සැපෙන්, සනී­පෙන්, නිරෝ­ගීව වැජ­ඹෙන්න ඒ අයට පුළු­වන්. මාව ජනා­ධි­පති කරන්න ඒ ජනතා බල­වේ­ග­යට උදව් කළ මුහුණු රැසක් මෙතන ඉන්නවා.ඒ නිද­හස හා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය මාධ්‍ය විසින් පාවිච්චි කරන විට කෙත­රම් සදා­චා­රා­ත්මක ලෙස පාවිච්චි කර­නවා ද යන්න ගැට­ලු­වක් තිබෙ­නවා. දී තිබෙන නිද­හස හා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වනසා ගන්න, නැති­කර ගන්න එපා. වික­ල්ප­යෙන් බිහි­වන්නේ වික­ල්ප­යක්, දර්ශ­න­ය­කින් හෙබි චරි­ත­යක් කියන එක දන්නවා. ලංකාවේ පළ­මු­ව­රට මාධ්‍ය­වේ­දීන්ට සම්මාන දෙන අව­ස්ථා­වට එන්න ලැබීම ඵෙති­හා­සික අව­ස්ථා­වක් වෙනවා.

ජන­මාධ්‍ය ඇමැති සහ ආර­ක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජ­ය­ව­ර්ධන මහතා-

සිය­වස් දෙක­කට ඉති­හා­ස­යක් ඇති මාධ්‍ය වංශ කතාවේ ආර­ම්භය 1834 දී සිදු වෙනවා. කලම්බු ජර්නල් පුව­ත්පත මුලින්ම ආරම්භ කර තිබෙ­නවා. එසේ ආරම්භ වූ මුද්‍රිත මාධ්‍ය මේ වන­විට වඩාත් පුළුල් වී තිබෙ­නවා. 1925 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් විදු­ලිය ආරම්භ කර තිබෙ­නවා. දකුණු ආසි­යාවේ පැරැ­ණිම ගුවන් විදු­ලිය ලෙස එය ඉති­හා­ස­යට එක්වෙ­නවා. ඉන් නොනැ­ව­තුණු ශ්‍රී ලාංකීය මාධ්‍ය තවත් පෝෂ­ණය වෙනවා. 1979 දී ස්වාධීන රූප­වා­හි­නිය ආරම්භ කළ. එදා මෙදා තුර අඛ­ණ්ඩව වර්ධ­නය වෙමින් තිබෙ­නවා. නව තාක්ෂණ යුග­යක් කරා යන්නට වෙර දරන සැමට නිසි ගෞර­ව­යක් දෙන්න මෙය සංවි­ධා­නය කර තිබෙ­නවා. ජනා­ධි­පති මාධ්‍ය සම්මාන උළෙල හිටපු ජන­මාධ්‍ය ඇමැති මංගල සම­ර­වීර මහ­තාගේ කාලයේ දී ආරම්භ කළා.

අද එය යථා­ර්ථ­යක් බවට පත්ව තිබෙ­නවා. ඉති­හා­සයේ පළමු වරට ජනා­ධි­පති මාධ්‍ය සම්මාන උළෙ­ලක් පව­ත්ව­නවා. අද දිනය මාධ්‍ය වංශ කාතාවේ රනින් සනි­ටු­හන් වෙනවා. මෙවැ­න්නක් තුළ මාධ්‍ය­වේ­දියා කරන කාර්යය සම්බ­න්ධ­යෙන් ජන­තාව තුළ විශ්වා­ස­යක් ඇති වෙනවා. මාධ්‍ය­වේ­දියා සමස්ත සමා­ජය වෙනු­වෙන් පෙනී සිටි­නවා. මිනි­සාගේ හැඟීම් වෙනස් කර­නවා. විවිධ දේ කරන්න පුළු­වන්. රටේ මහ­ජ­න­තාව වෙනු­වෙන් හුදු මත­යක් පළ­කළ හැකි විශිෂ්ඨ ගණයේ පුද්ග­ල­යෙක්. මාධ්‍ය­වේ­දියා කරන කාර්ය­යට නිසි ගෞර­ව­යක් දෙන්න අව­ශ්‍යයි. තමා නිවැ­රැදි යැයි සිතන දේ නොව යථා­ර්ථ­වාදී සත්‍ය­යක් ඉදි­රි­පත් කිරීම ජන­මා­ධ්‍ය­වේ­දි­යාගේ කාර්ය­භා­රය වෙනවා. තොර­තුරු ලබා ගන්න මහ­ජ­න­තාව වැඩි උන­න්දු­වක් දක්ව­නවා. වෙබ්වල සත්‍ය තොර­තුරු මෙන්ම අසත්‍ය තොර­තුරු ද ඉදි­රි­පත් වෙනවා. හතු පිපෙ­න්නාක් මෙන් වෙබ් අඩවි නිර්මා­ණය වීමෙන් යම් යම් ගැටලු ඇති වෙනවා. කෙසේ වෙතත් ඔවුන් වෙනු­වෙන් ද අපි අද ඇග­යී­මක් දෙනවා.

මාධ්‍ය­වේ­දීන්ගේ ජීවිත අහිමි වූ කාල­යක් තිබුණා. ඇතැ­මුන් රට­හැර ගියා. අද වන­විට උප­රිම මාධ්‍ය නිද­හස් තිබෙ­නවා. ඇත්ත ඇති සැටි­යෙන් අද වන­විට වාර්තා කරන්න නිද­හසේ පුළු­ව­න්කම ලැබී තිබෙ­නවා.

උතුරු පළාත් ආණ්ඩු­කාර ආචාර්ය සුරේන් රාග­වන් මහතා-

මාධ්‍ය­වේ­දීන්ගේ දක්ෂ­තා­වන් අග­ය­මින් අද දවසේ සම්මාන පිරි­න­ම­නවා. ලංකා ඉති­හා­සයේ පළමු වරට මාධ්‍ය­වේ­දීන් වෙනු­වෙන් සම්මාන හිමි­වෙ­නවා. මාධ්‍ය යන්න ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ සිවු­වැනි ස්ථම්භය වෙනවා. ශ්‍රී ලංකාවේ තව­මත් මාධ්‍ය­වේ­දය පිළි­ගත් වෘත්ති­යක් නොවෙයි. මෙය ඉතාම කණ­ගා­ටු­දා­යක තත්ත්ව­යක්. ශ්‍රී ලංකාවේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ අඩු­පාඩු කම් තිබෙ­නවා නම් එය මාධ්‍යයේ තිබෙන අඩු­පා­ඩුව වෙනවා. ශ්‍රී ලංකාවේ මාධ්‍යයේ නිරත අය අධ්‍ය­යන මට්ට­මින් ලබා­ගත යුතු දේවල් තිබෙ­නවා. ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා මාස හත­රක් වැනි කාල­යත් තුළ සුවි­ශේෂි කාර්යක් ඉටු­කර තිබෙ­නවා.

ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් සුනිල් සම­ර­වීර මහතා-

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉති­හා­සයේ පළමු වරට ජනා­ධි­පති මාධ්‍ය සම්මාන උළෙ­ලක් පව­ත්ව­නවා. මේ රටේ මාධ්‍ය­වේ­දීන් වෙනු­වෙන් මෙය සංවි­ධා­නය කර තිබෙ­නවා. අපේ වෘත්තීය මාධ්‍ය­වේ­දීන් වෙනු­වෙන් අද සම්මාන පිරි­න­ම­නවා. නාම­යෝ­ජනා 1,674ක් 2018 වසරේ දී අපිට ලැබුණා. ඒ අත­රින් අද 47 දෙනෙකු සම්මාන ලබ­නවා. ඒ වගේම සුවි­ශේෂී යාව­ජීව සම්මාන 4ක් ද ජනා­ධි­ප­ති­තුමා අතින් පිරි­න­ම­නවා. අපිට වෘත්තීය මාධ්‍ය කලා­වක් රට­තුළ ස්ථාපිත කර­න්නත් හොඳ ආචාර ධර්ම පද්ධ­ති­යක් හද­න්නත් අවශ්‍ය වෙනවා. මෙවැනි තත්ත්ව­යක් තුළ වෘත්තීය මාධ්‍ය­වේ­දීන්ගේ ගෞර­වය ආරක්ෂා කර­මින් ඔවුන්ගේ හැකි­යාව වර්ධ­නය කරන්න ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය මෙවැනි උලෙ­ළක් සංවි­ධා­නය කර­නවා. මෙය වස­රක් පාසා ක්‍රියා­ත්මක කර­නවා.

මේ අව­ස්ථා­වට පැමිණි සියලු දෙනා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය වෙනු­වෙන් පිළි­ග­න්නවා. ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා අද දිනයේ අපිට අව­ස්ථාව ලබා දුන්නා. මේ සඳහා උන­න්දු­වෙන් සියලු දෙනාම කට­යුතු කර­නවා.

උසස් මාධ්‍ය සංස්කෘ­ති­යක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍ය­වේ­දීන් සිදු­ක­රනු ලබන මෙහෙ­වර සහ ඔවුන්ගේ නිර්මා­ණ­ශීලි දාය­ක­ත්වය ඇග­යීම සඳහා පැවැති ජනා­ධි­පති මාධ්‍ය සම්මාන උළෙලේ දී ක්ෂේත්‍ර 4 ක් වෙනු­වෙන් සම්මාන ප්‍රදා­නය කෙරිණි. සම්මාන 47ක් ඒ සඳහා වෙන්කොට තිබෙන අතර ඊට අම­ත­රව ක්ෂේත්‍රයේ උන්න­ති­යට කැප වූ ප්‍රවී­ණ­යින් 4 දෙනෙකු සඳහා සේවා ඇගැ­යී­මක් ලබා­දෙන ලදී. ඒ අනුව පිරි­න­මන ලද සමස්ත සම්මාන ප්‍රමා­ණය 51කි. සමාජ වග­කී­මෙන් යුත් මාධ්‍ය කලා­වක් බිහි කිරීම සඳහා ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ කුස­ලතා, හැකි­යා­වන් හා සුවි­ශේෂී නිපු­ණතා ඇග­යීම මෙම සම්මාන උළෙලේ මුඛ්‍ය පර­මා­ර්ථය වන අතර මෙය වාර්ෂි­කව පැවැ­ත්වී­මට ආණ්ඩුව තීර­ණය කර ඇත.

ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ විවිධ දක්ෂතා, කුස­ලතා, හැකි­යා­වන් හා සුවි­ශේෂී නිපු­ණතා හඳුනා ගනි­මින් ඒවා ඇග­යී­මට ලක්කි­රීම, වෘත්තීය මට්ටමේ මාධ්‍ය­වේ­දීන් බිහි­කි­රීම සඳහා පසු­බිම නිර්මා­ණය කරනු වස් නිසි මඟ­පෙ­න්වීම් ලබා­දීම හා අභි­ප්‍රේ­ර­ණය කිරීම, සමස්ත ජන­මාධ්‍ය ක්ෂේත්‍රය, හොඳින් දැනු­ම්වත් වූ සිවිල් සමා­ජ­යක් ගොඩ­නැ­ගීම සඳහා සවි­බල ගැන්වීම, ජන­මා­ධ්‍ය­වේ­දීන් විසින් සමස්ත සමා­ජය වෙනු­වෙන් හිත­ක­රවූ ද, නිද­හස්වූ ද, සංව­ර්ධ­නා­ත්මක දෘෂ්ටි කෝණ­ය­කින් යුතු වූ මාධ්‍ය සංස්කෘ­ති­යක් ගොඩ­නැ­ගීම සඳහා පෙළ­ඹ­වීම් කිරීම සහ සමස්ත ජන­මාධ්‍ය ක්ෂේත්‍රය ආව­ර­ණය වන පරිදි කරනු ලබන කාර්ය සාධන ඇග­යීම තුළින් පූර්ණ රාජ්‍ය අනු­ග්‍ර­හය ජන­මා­ධ්‍ය­වේ­දීන්ට ලබා­දීම මෙම උළෙලේ ප්‍රධාන අර­මුණු විය.

ඒ අනුව, සම්මාන සඳහා සලකා බලනු ලැබූවේ 2017.01.01 දින සිට 2017.12.31 දක්වා නිර්මාණ පම­ණක් වන අතර ස්වතන්ත්‍ර නිර්මාණ වීම, විදේ­ශීය රට­වල නිර්මා­ණ­යන් නොවීම, ලාංකේය ප්‍රේක්ෂ­ක­යාට යෝග්‍ය ලෙස සක­සන ලද නිර්මාණ වීම සම්මාන සඳහා සලකා බැලී­මට සුදු­සු­කම් ලෙස සල­කන ලදී.

මාධ්‍ය ආය­තන ප්‍රධා­නීන්ගේ නිර්දේශ සහි­තව අමා­ත්‍යාං­ශය මඟින් පත්ක­රන ලද සුදු­සු­කම් සහිත සහ වෘත්තීය වශ­යෙන් ප්‍රවීණ පුද්ග­ල­ය­න්ගෙන් සම­න්විත අනු­ක­මිටු මඟින් සම්මාන සඳහා නිර්දේශ කරනු ලබන නාම­ලේ­ඛන ප්‍රධාන කමි­ටු­වට ඉදි­රි­පත් කෙරුණු අතර එම කමි­ටුවේ තීර­ණය අව­සන් තීර­ණය විය. 2018.07.13 දින පුව­ත්පත් දැන්වීම් පළ­ක­රන ලද අතර අගෝස්තු 31 වැනි දින වන­විට අයැ­ඳු­ම්පත්‍ර භාර­ගැ­නීම අව­සන් කරනු ලැබිණි. ඒ අනුව අයැ­ඳු­ම්පත් 1,674 ක් ලැබී තිබූ අතර සම්මාන පිරි­නැ­මීම භාෂා­ත්‍ර­යෙන්ම රූප­වා­හිනි, ගුව­න්වි­දුලි, පුව­ත්පත් හා වෙබ් මාධ්‍ය යන ක්ෂේත්‍ර සඳහා සිදු කෙරිණි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවි­ශේෂී මෙහෙ­ව­රක් සිදු කළ ප්‍රවී­ණ­යන් සඳහා, දිවියේ එක් වරක් පම­ණක් පිදෙන ජුරියේ විශේෂ සම්මාන “ශ්‍රී ලංකා මාධ්‍යා­භි­මාණී” හා මුදල් ත්‍යාග පුව­ත්පත් ක්ෂේත්‍රය සඳහා කලා­කීර්ති ආචාර්ය එඩි­වින් ආරි­ය­දාස, ගුවන් විදුලි ක්ෂේත්‍රය සඳහා කරු­ණා­රත්න අම­ර­සිංහ, රූප­වා­හිනී ක්ෂේත්‍රය සඳහා ලූෂන් බුල­ත්සිං­හල සහ වෙබ් ක්ෂේත්‍රය සඳහා ලක්ෂ්මන් ජය­ව­ර්ධන මහ­ත්ව­රුන්ට පිරි­නැ­මූහ. මාධ්‍ය සංක­තන ග්‍රන්ථය ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා වෙත පිළි­ගැ­න්වීම ද මෙහිදී සිදු­විණි.

ඉඩම් හා පාර්ලි­මේන්තු ප්‍රති­සං­ස්ක­රණ ඇමැති ගයන්ත කරු­ණා­ති­ලක, පාර්ලි­මේන්තු මන්ත්‍රී ලසන්ත අල­ගි­ය­වන්න, බස්නා­හිර පළාත් ආණ්ඩු­කාර අසාද් සාලි, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් නාලක කළු­වැව, ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් රමණී ගුණ­ව­ර්ධන, අධ්‍යක්ෂ කේ.පී. ජයන්ත මහත්ම මහ­ත්මීන් ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages