පසුම්බියේ දාගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික උප්පැන්න සහතිකයක් ළඟදීම දෙනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

පසුම්බියේ දාගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික උප්පැන්න සහතිකයක් ළඟදීම දෙනවා

Author(s): 
උදුලා පීරිස්

එකසිය පනස් වසරක් ඉපැරණි මාලිගාවත්ත රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව රටේ ජනතාවගේ වැදගත්ම ලියකියවිලි වන උපත්,විවාහ හා මරණ යන ප්‍රධාන සහතික වල මුල් පිටපත් සංරක්ෂණය කෙරෙන එකම ආයතනය බවත් අදාල සහතික මිල කළ නොහැකි බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පළාත් පාලන රාජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවල මහතා පැවසිය.

මේසා විශාල කාලපරිජ්ජේදයක් පැරණි මේ ස්ථානය මීටවඩා ආරක්ෂිතව ක්‍රමානුකූලව කඩිනමින් නව තාක්ෂණය එක්ව තබා ගැනීමට රජයක් ලෙස අප කටයුතුකළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා හා විෂය භාර ඇමැති වජිර අබේවර්ධන මහතා සමඟ සාකච්ජා කර කිසියම් වැඩ පිළිවෙලක් ආරම්භ කරන බවද හෙතෙම අවධාරණය කළේය.

ඇමැතිවරයා මේ බව පැවසූවේ ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි උපත්, මරණ හා විවාහ සහතිකවල පිටපත් එක් දිනක් තුළ විනාඩි කිහිපයකින් ලබාගැනීමේ කවුළුව ඊයේ (11) විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. එය මාළිගාවත්ත රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේදී සිදුකෙරිණි. එහිදී කතා කළ රෙජිස්ටර් ජෙනරාල් අධිනීතිඥ එන්.සී.විතානගේ මහතා- 1914 ඈත ඉතිහාසයකට හිමිකම් කියන මේ දෙපාර්තමේන්තුව මේ වසරට අවුරුදු 155 සම්පූර්ණ කරනවා. මෙහි අප හැම කෙනෙකුගේම උපත්,විවාහ හා මරණ සහතික තැන්පත්කර තියෙන්නේ මේ ආයතනයෙයි. දැනට රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව යටතේ ඉඩම් රෙජිස්ටාර් කාර්යාල 4ක් තියෙනවා. අපි තව 8ක් ඇති කිරීමට සැලසුම්කර තියෙනවා.මේ ආයතනය විශාල ලෙස සම්ප්‍රදායක ගමනක් ඇවිත්. මේ දෙපාර්තමේන්තුවේ කටයුතු වෙනස් කරන්න හදන හැම විටම කකුළෙන් ඇදීමක් වෙනවා. එකකවත් නිමාවක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. හොඳ දෙයක් කරන්න යනවිට වෙනත් කුණු ඇගේ පටලවනවා.

යන්තම් දැන් සේවක චිත්ත ශක්තිය ඇතිකර අපි උපත්, විවාහ හා මරණ සහතික ලබාදීමේ එක්දින සේවාව ආරම්භ කළා. 2020දී සියලු ලේඛන වෙනත් තැනකට ගෙනියන්න මා කටයුතු කරමින් පසුවෙනවා.එසේම ඩිජිටල් තාක්ෂණය උපයෝගීකරගෙන පරණ උප්පැන්න සහතිකය වෙනස්කර ඒ වෙනුවට සාක්කුවේ දාගෙන යන තරමට කුඩාවට ඉලෙක්ට්‍රොනික් කාඩ්එකක් ලබාදීමට සැලසුම් කරමින් පසුවෙන අතර ජනතාවට අවශ්‍ය සේවය කාර්යක්ෂම කරවීමටත් සේවක චිත්ත ශක්තිය ලබාදීමටත් මේවන විටත් කටයුතු කර තියෙනවා.

සහකාර රෙජිස්ටර් ජෙනරාල් චන්දිමා ඩී.ජයලත් මහත්මිය-අප ආයතනය ජනතාවගේ හදවත වගේ. නමුත් රටේ බොහෝ පිරිස් මේ ආයතනයෙන් සිදුවන සේවය දන්නේ නැහැ. අපි කරන්නේ ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 රෙජිස්ටර් අංශයේ තියන උප්පැන්න,විවාහ හා මරණ සහතිකවල දෙවන පිටපත් සංරක්ෂණය කිරීමයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක,විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී.ඩයස්, අතිරේක දිස්ත්‍රික් ලේකම් බී.කේ.හේරත්,ඉඩම් රෙජිස්ටාර් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් සුපුල් සරා හපන්ගම යන මහත්ම මහත්මීහු ඇතුළු උසස් නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages