කුඩුත් එක්ක ඇල්ලූ ඉරාන ජාතිකයන් යළි රිමාන්ඩ් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

කුඩුත් එක්ක ඇල්ලූ ඉරාන ජාතිකයන් යළි රිමාන්ඩ්

හෙරොයින් ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ මෙරට මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 9දෙනා ලබන අප්‍රෙල් (23) දක්වා යළි රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (11) නියෝග කළාය.

ඉරාන තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තකයකුට එළැඹෙන නඩු වාරයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ලිඛිතව දන්වා යැවීමට ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන්ට පියවර ගන්නැයි ද මහේස්ත්‍රාත්වරිය ඊයේ (11) දැනුම් දුන්නාය.

සැකකරුවන් ඊයේ (11) අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කළේ අදාළ නෞකාව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂාවට ලක් කළ බවයි.

නෞකාවේ තිබූ හෙරොයින් තොගයේ සාම්පල ද එම දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව පොලීසිය අධිකරණයට කීය.

අදාළ ඉරාන ජාතිකයන් කිසිඳු ධීවර කටයුත්තක් මුහුදු තීරයේ සිදුකර නොමැති බවට කළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බව රහස් පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

නෞකාවේ ඇති ජි.පී .එස් යන්ත්‍රය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වැඩිදුර පරීක්ෂණ සඳහා බාරදීමට සහ නෞකාව නාවික හමුදාව බාරයේ රඳවා තබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

අමෝදා ජයමහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages