කුමන්ත්‍රණ පරදා ගෝඨාභය යලිත් මවුබිමට.. පිළිගන්න මහ සෙනගක් කටුනායකට.. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

කුමන්ත්‍රණ පරදා ගෝඨාභය යලිත් මවුබිමට.. පිළිගන්න මහ සෙනගක් කටුනායකට..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතා තම ඇමරිකනු සංචාරය නිමවා හෙට(12) උදෑසන යලිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

කොටි ඩයස්පෝරාව සහ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් විවිධ චෝදනා මත නඩු පවරා ඔහු යලි ලංකාවට පැමිණීම වැලක්වීමට ඇමරිකානු අධිකරණ හරහා උත්සහ කලද ඔවුන්ගේ උත්සාහය ව්‍යවර්ථ වී ඇති බවද වාර්තා වේ.

ඉදිරි ජනපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ වැඩිම ඉඩක් ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට පෙර සිය ද්විත්ව පුරවැසි බව ඉවත් කර ගත යුතුය. ඒ සඳහා වන වැඩපිළිවෙලට බාධා කොට ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීමට විවිධ පාර්ශව විසින් දියත් කල කුමන්ත්‍රණයක් පිළිබඳව මින් පෙර අප විසින් අනාවරණය කරන ලදි.

හෙට උදෑසන 8.00 ට පමණ කටුනායක ගුවන් තොටුපල හරහා ලංකාවට පැමිණීමට නියමිත ඔහුව පිළිගැනීම සඳහා විශාල පිරිසක් එම පරිශ්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් අප වෙත පැවසීය. සියළු කුමන්ත්‍රණ පරදා යලි මව්බිමට එන ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට අතිවිශාල පිරිසක් එක්වනු ඇති බවත්, දේශහිතෛශී සියළු දෙනාටම එම අවස්ථාවට එක්වන ලෙසත් ඔහු ඇරයුම් කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages