චෙන්නායි පිල ජයගනී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-13

චෙන්නායි පිල ජයගනී

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 25 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදවා කඩුලු 4ක ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන චෙන්නායි පිල අත්කරගත් 6 වැනි ජය මෙය වන අතර රාජස්ථාන් පිලට හිමිවූ 5 වැනි පරාජය හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ සිටී.

රාජස්ථාන් පිල පළමුව පන්දුවට පහරදෙමින් ලබාදුන් ලකුණු 152ක ඉලක්කය හඹාගිය චෙන්නායි ක්‍රීඩකයෝ අවසන් පන්දුවෙන් ජය හිමිකර ගත්තේ කඩුලු 6ක් බිඳ වැටී තිබියදීය.

නායකත්වයේ ඉනිමක් දියත් කළ මහේන්ද්‍ර සිං දෝනි පන්දු 43කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 57ක් රැස්කළ අතර අම්බති රයිදු සමගින් 5 වැනි කඩුල්ලට පන්දු 71කින් ලකුණු 91ක සබඳතාවක් පිහිටුවීමට ඔහු සමත් විය. රයිදු පන්දු 47කින් ලකුණු 57ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමටද හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

පන්දු 26කින් ලකුණු 28ක් රැස්කළ බෙන් ස්ටොක්ස් පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් විය.

රාජස්ථාන් - 151/7 (ඕවර 20) බෙන් ස්ටොක්ස් 28, ජොස් බට්ලර් 23 (රවින්ද්‍ර ජඩේජා 20/2, දීපක් චාහර් 33/2, ශර්දුල් ඨාකුර් 44/2)

චෙන්නායි - 155/6 (ඕවර 20) මහේන්ද්‍ර සිං දෝනි 58, අම්බටි රයිඩු 57 (බෙන් ස්ටොක්ස් 39/2)

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages