උ.කොරියා නායකයා සමඟ යළි සාකච්ඡා කරනවා - මූන් ජේයින් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-17

උ.කොරියා නායකයා සමඟ යළි සාකච්ඡා කරනවා - මූන් ජේයින්

උතුරු කොරියා නායක කිම්ජොන් අන් සමඟ යළි සාකච්ඡා කරන බව දකුණු කොරියා ජනාධිපති මූන් ජේයින් ප‍්‍රකාශ කරයි. 
 
කොරියා අර්ධද්විපයේ න්‍යෂ්ටික ආයුධ තුරන් කිරිම සාකච්ඡාවේ අරමුණ බව ඔහු වැඩිදුරටත් පවසයි.
 
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමඟ ද ඔහු ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වූ අතර පසුගිය දා අවසන් වූ ට්‍රම්ප්- කිම් සාකච්ඡා අසාර්ථක විය. න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් මීට පෙර ද අවස්ථා තුනකදී උතුරු සහ දකුණු කොරියා නායකයන් සාකච්ඡා පැවැත්වු නමුත් තව දුරටත් ඒ සම්බන්ධ තීන්දු තීරණ ගත යුතුව ඇතැයි දෙපාර්ශවයම ප්‍රකාශ කරයි. 
 
කෙසේ වුවත් උතුරු කොරියානු ක්‍රියා කලාපය පසු ගිය කාලය පුරාම ජාත්‍යන්තර අවදානයට ලක්ව තිබිණි. අමෙරිකාව සමග පවත්වනු ලැබූ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු සුපුරුදු හිතුවක්කාරී ස්වරූපය උතුරු කොරියානු නායකයා විසින් පෙන්නුම් කරනු ඇති බවට මත පළ වුන ද තවමත් ඔහු සාකච්ඡාවෙන් ගැටළු විසඳා ගත යුතු බවට විශ්වාස කිරීම දේශපාලන විශ්ලේෂකයින්ගේ ඇගයීමට ලක් වී තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages